ඩෙංගු කියන මාරාන්තික රෝගය නිසා තමන්ගේ ආදරණීය පෙම්වතිය මෙලොවින් සමුගැනීමෙන් පස්සේ, ඇයගේ පෙම්වතා තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු සටහනක් මේ වෙනකොට මුළු මහත් මුහුණුපොතම හඬවන්නට සමත් වෙලා තියෙනවා.
කාගේත් හදවත් කම්පා කරපු ඒ සංවේදී සටහන මෙන්න.
"මගෙ මැණික. නිවන් සුව . කිසිම දේකට ඔයාගෙ ගමන නතර කරන්න බැරි උනත් ඩෙංගු කියන මේ ලෙඩෙ නිසා ඔයාට අද අපි හැමෝම තනිකරන්න පුළුවන් උනා. පවුලෙ අය හිතවත් අය හැමෝම පුළුවන් උපරිම දේවල් කලා. හැමෝම ඔයාට හැමදාමත් ආදරෙ කරාවි. මේ අඩුව ජීවිතේ තියන තුරාවට අපෙ හිත්වල පවතීවි...
මට නැති උනේ ඔයා විතරක් නෙමේ සතුට සැනසීම සහ හයිය... මේ ආත්මෙ බැරි උනත් ඊලග ආත්මෙ හරි අපේ හීන හැබෑවෙවි. මගෙ රත්‍තරං පරිස්සමෙන් එතකම් ඉන්න බුදුසරණයි... මේ අඩුව පුරවන්න කාටවත් බෑ. හැමදාම මම ආදරෙයි සුදූ..."
මේ සිදුවීම අපිට තවත් එක මරණයක් විතරක් නෙවෙයි. ඩෙංගු කියන රෝගය කොයිතරම් බයානකද, අපේ ආදරණීයයන් අපෙන් උදුරාගන්න ඒකට ගතවෙන්නේ කොයිතරම් සුළු වෙලාවක්ද කියලා මේකෙන් අපිට පේනවා. පවුලේ අය, යහළුවන් හැමෝම පුළුවන් උපරිම දේ කළත් මේ මාරයාගෙන් ඇයව බේරගන්න ලැබිලා නැහැ.