සමාජ මාධ්‍ය පුරා මේ වනවිට කාගේත් දෑස් කඳුළින් තෙත් කරවන මේ අවාසනාවන්ත අනතුරින් මෙලොවින් සමුගෙන තියෙන්නේ මිරිස්ස මධ්‍ය මහා විදුහලේ සේවය කළ ආදරණීය චතුරංගි සොයුරියයි.
සිද්ධිය වෙලා තියෙන්නේ මාතර, මිරිස්ස හේන්වල ප්‍රදේශයේදීයි. චතුරංගි සොයුරිය තමන්ගේ කුඩා පුතුත් සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අනපේක්ෂිත ලෙස එය අසල තිබූ ඇලකට පෙරළී තිබෙනවා.
තමන් දියේ ගිලී යන, මරණය තමන් ඉදිරියටම පැමිණි ඒ අතිශය දුෂ්කර සහ බියකරු මොහොතේදී පවා ඇය සිතුවේ තමන්ගේ ජීවිතය ගැන නෙවෙයි. ඇය සතු වූ උපරිම වෙර සහ ශක්තිය යොදවමින්, තමන්ගේ පණටත් වඩා ආදරය කළ පුංචි පුතුගේ ජීවිතය යතුරුපැදිය මත රඳවා තබා ඔහුව බේරාගැනීමට ඇය සමත් වී තිබෙනවා.
ජීවිතයට වඩා ලෝකයේ වටිනාම වස්තුව වූ පුතුව මරණයෙන් ගලවා ගත්තද, ඒ වෙනුවෙන් ඇයට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වුණා. අවසන් හුස්ම හෙළන මොහොතේදී පවා මාතෘත්වයේ අසිරිමත් සෙනෙහසින් තම දරුවාව රැකගත් මේ වීර මව දිය රළ අතර සැඟව ගොස් තිබෙනවා.
"තවමත් ලෝකය දෙස අහිංසකව බලා සිටින ඒ පුංචි පුතුට ආදරණීය මවකගේ සෙනෙහස අහිමි කළ මේ ශෝකී පුවත මුළු මහත් සමාජයකම දෑස් කඳුළින් තෙත් කර අවසානය..."
දරුවෙකු වෙනුවෙන් සසරක් පුරා පෙරුම් පුරන මහා ගුණකඳක් වූ, දිවියෙන් සමුගත් ඒ වීරවත් චතුරංගි සොයුරියට පරම රමණීය අජරාමර නිවන් සම්පත්තියම අත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු!