ඒ දවස, ටික ටික ළං වෙද්දී, කසුන් සහ ශෂිනි දෙන්නා ඒ වෙනුවෙන් සූදානම් වුණේ හරිම ආසාවෙන්. ඒත් ටික ටික මේ දවස ළං වෙනකොට කසුන්ගේ වෙනසක් ඇයට නොතේරුණාම නෙවෙයි. ඒත් ඇය ඉවසුවා.
මොකද මේ අවුරුදු ගාණක ආදර කතාවක්. කසුන් සහ ශෂිනි කියන්නේ කැම්පස් එකේ ඉඳන් අවුරුදු 7ක් පණ වගේ ආදරය කරපු ජෝඩුවක්.
හැමෝගෙම ආශිර්වාදය මැද එයාලගේ වෙඩින් එක සූදානම් වෙද්දී පවා බොහෝ දෙනා ඔවුන්ට ආශිර්වාද කලා.. ඒත් මොකක්දෝ නොතේරෙන කතාවක් තියනවා. ඒ කසුන්ගේ හැසිරීමේ.
ශෂිනි මනාලියක් විදිහට හැඩවුණේ හරියට සුරංගනාවියක් වගේ. කසුන් සූට් එකක් ඇඳලා මනමාලයෙක් විදිහට පෝරුව ළඟට ආවා. ඒත් අදාළ වෙලාවට ඒ දෙන්නා පෝරුවට ගොඩවුණේ නැහැ.. ආපු අයගේ කසු කුසුව ටික ටික වැඩි වුණා. කට්ටිය මුහුණට මුහුණ බලාගත්තේ පුදුමයෙන්.
ඔය අතරතුර හැමෝම පුදුම කරමින් කසුන් පෝරුවට නැග්ගේ නැති වුණත් එයාගේ අතේ තිබුණේ ලොකු ලියුම් කවරයක්. මුළු මඟුල් ගෙදරම නිශ්ශබ්ද වුණා. ේ කසුන් මේ ලියුම විවෘත කිරීමත් එක්කයි. කොහොම වුණත්, කට්ටියම හීන් හඬින් කසුන් කියන්න ගත්ත ඒ කතාවට සවන් දුන්නා.
"ශෂිනි... මම ඔයාට අවුරුදු 7ක් පණ වගේ ආදරය කළා. හැබැයි අද මට මේ වෙඩින් එක කරන්න බෑ. මම මේ කසාදෙන් අයින් වෙනවා."
මුළු සෙනගම ඝෝෂාවක් වුණා. ශෂිනිගේ ඇස්වලින් කඳුළු කඩා හැලුණා. ශෂිනිගේ තාත්තා කේන්තියෙන් කසුන්ගේ ඇඟට කඩා පැනලා "උඹ මගේ දුවගේ ජීවිතේ විනාශ කළා" කියලා කෑගැහුවා. කසුන් නිහඬවම තමන්ගේ අතේ තිබ්බ ලියුම් කවරය ශෂිනිගේ තාත්තාට දුන්නා.
ඒක වෛද්‍ය වාර්තාවක්. කසුන්ට දරුණු ගණයේ මොළයේලෙඩක් තියෙනවා කියලා එකේ ලියලා තිබුණා. එයාට ජීවත් වෙන්න ඉතුරු වෙලා තිබුණේ මාස 3ක් විතරයි.
කසුන් කතා කළා, "මාමී... මම ශෂිනිව කසාද බැන්දොත් මාස තුනකින් එයා වැන්දඹුවක් වෙනවා. මුළු ජීවිත කාලෙම දුක් විඳියි. මට තියෙන ආදරේ නිසා එයා වෙන කෙනෙක් දිහා බලන එකකුත් නෑ. ඒකයි මම අද හැමෝම ඉස්සරහා නරක මිනිහා වෙලා මෙතනින් අයින් වෙන්නේ.
මගෙන් පස්සේ මගේ කෙල්ලව බලාගන්න..." කසුන් මඟුල් ගෙදරින් හැරිලා යද්දී ශෂිනි කෑගහලා අඬමින් කසුන්ව අයැද සිටියත් ඔහු නැවතත් ඇය වෙත ආවේ නැහැ..