ඒ තමයි කාලයක් තිස්සේ දින නියමයක් නැතුව කල් දාලා තිබුණු විදුහල්පති සේවයේ බඳවා ගැනීමේ විභාගයට ඔන්න දැන් හරියටම දින තීන්දු වෙලා තියෙන එක.
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන ජුනි මස 07 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඇත්තටම මේ විභාගය මීට පෙර පැවැත්වීමට නියමිතව තිබුණේ පහුගිය අප්‍රේල් මස 26 වෙනිදායි. හැබැයි ඉතින් ලංකාවේ හැමදාම වෙනවා වගේ "නොවැළැක්විය හැකි හේතුවක්" මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ විභාගය දින නියමයක් නැතුවම කල් දාන්න පියවර ගත්තා.
ඒ නිසා විභාගයට ලෑස්ති වුණු ගොඩක් දෙනෙක් හිටියේ සෑහෙන අපේක්ෂා භංගත්වයකින්. හැබැයි ඔන්න දැන් ඒ හැමෝටම සුබ ආරංචියක් අරන් එමින් විභාගයට හරියටම දින නියම වෙලා තියෙනවා.
විභාග දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මතක් කරන්නේ මේ විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර තැපෑලෙන් එනකන් බලන් ඉන්න එපා කියලයි. මොකද මේ වෙනකොටත් ප්‍රවේශ පත්‍ර සියල්ලම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට (Department of Examinations Web Site) මුදා හැරලා තියෙන්නේ.
විභාගයට පෙනී සිටින සියලුම දෙනාට මාර්ගගතව තමන්ගේ ප්‍රවේශ පත්‍රය ඉතාමත් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා ඔවුන් දන්වා සිටිනවා.
කොහොම වුණත් කාලෙක ඉඳන් හැමෝම මඟ බලාගෙන හිටපු මේ විභාගය ලබන 07 වැනිදා පැවැත්වෙන නිසා, විදුහල්පති සිහිනය සැබෑ කරගන්න ඉන්න හැමෝටම තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න ඔන්න දැන් හොඳම අවස්ථාව උදා වෙලා තියෙනවා!