ඒ, හිනිදුම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමන්ගේම ලේ කිරි කරපු ආදරණීය පුතණුවන්ව බලන්න ආපු පියෙකුට, නැවත කිසිදිනක නිවසට හෝ පුතා ළඟට ඒමට නොහැකි ලෙස මෙලොවින් සමුගැනීමට සිදුවීමේ ඛේදනීය පුවතක්.
මේ ආදරණීය තාත්තා හිනිදුම හොස්පිට්ල් එකේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් හිටපු තමන්ගේ පුතාව බලන්න දවල් වරුවේ රෝහලට පැමිණ තිබෙනවා. පුතාගේ සුවදුක් විමසලා, පුතාට අවශ්‍ය අඩුපාඩු බලපු මේ තාත්තා, රෝහලෙන් පිටවෙලා යන්න ලෑස්ති වෙද්දී පුතාට කියලා තියෙන්නේ, "මං හවස් වෙලා ආයෙත් එන්නම් පුතේ..." කියලායි.
නමුත් ඒ වචන ටික තමන්ගේ ආදරණීය පුතාට ඔහු කියපු අවසන් වචන ටික වෙයි කියලා ඒ වෙලාවේ කවුරුවත් හිතන්න නැතුව ඇති.
රෝහලෙන් පිටවෙලා තමන්ගේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි මේ පියා, හිනිදුම හොස්පිට්ල් එක ආසන්නයේදීම බිහිසුණු අනතුරකට මුහුණ පා තිබෙනවා. ඔහු ගමන් ගත් බයිසිකලය එහි තිබූ තාප්පයක වැදී සිදු වූ දරුණු අනතුරකින්, මේ ආදරණීය පියා එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.
පුතා සනීප වෙලා ආයෙත් ගෙදර එනකල් මඟ බලාගෙන හිටපු, පුතාට ආයෙත් එන්නම් කියලා පොරොන්දු වුණු ඒ ආදරණීය තාත්තා, අවසානයේ මුළු පවුලම තනි කරලා සදාකාලිකවම දෑස් පියාගෙන.