තොරණ, වෙසක් කලාප, දන්සල් බලන්න මුළු ලංකාවම කොළඹට එකතු වෙන නිසා පාරවල්වල වාහන තදබදය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
අන්න ඒ නිසාම, වෙසක් බලන්න එන ඔයාලට රස්තියාදු වෙන්න වෙන්නේ නැති වෙන්න, පොලීසියෙන් මෙන්න සුපිරි වැඩක් ලෑස්ති කරලා තියෙනවා. ඒ තමයි කොළඹ නගරය පුරා ක්‍රියාත්මක වෙන විශේෂ රථවාහන සැලැස්ම.
පොලීසිය කියන විදිහට මේ පාර වෙසක් කලාප, දැවැන්ත තොරණ සහ පහන් කූඩු ප්‍රදර්ශන පැවැත්වෙන්නේ කොළඹ නගරයේ ප්‍රධානම කලාප කිහිපයක් මූලික කරගෙනයි. ඔයා වෙසක් බලන්න යනවා නම් මෙන්න මේ පොලිස් වසම් ඇතුළේ තමයි ප්‍රධානම සන්දර්ශන තියෙන්නේ.
කොළඹ කොටුව සහ පිටකොටුව
කොම්පඤ්ඤවීදිය සහ මරදාන
කොල්ලුපිටිය සහ බම්බලපිටිය
කුරුඳුවත්ත, දෙමටගොඩ සහ මෝදර
මේ හැම තැනකම ජනතාව පිරී ඉතිරී යන නිසා, පාරවල් බ්ලොක් නොවී වාහන ටික ලස්සනට හසුරුවන්න තමයි පොලීසිය මේ ප්ලෑන් එක දාලා තියෙන්නේ.
ඔයා බයික් එකේ, ත්‍රීවීල් එකේ නැත්නම් පවුලේ කට්ටියත් එක්ක කාර් එකේ, වෑන් එකේ කොළඹ වෙසක් බලන්න යනවා නම් පොලීසිය දාලා තියෙන අලුත් රථවාහන සංඥා සහ මාර්ග බාධක ගැන පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න වෙයි. මොකද සමහර පාරවල් "වන් වේ" (One-way) කරන්න වගේම, සමහර පාරවල් වාහන ඇතුල් කරන්න බැරි විදිහට වසා තබන්නත් ඉඩ තියෙනවා.
ඉතින් රථවාහන පොලීසියේ මහත්තුරු දෙන උපදෙස් පිළිපැද්දොත්, රස්තියාදු වෙන්නේ නැතුව, රණ්ඩු සරුවල් කරගන්නේ නැතුව පවුලේ කට්ටියත් එක්ක හරිම සතුටින් වෙසක් සිරිය බලලා එන්න ඔයාලට පුළුවන් වෙයි.