එය අද පස්වරු 3.00 පමණ වන විට යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි බලක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසන්නේ.
මේ අතර, වෙසක් උත්සව සමය තුළ මුළු දිවයිනටම අඛණ්ඩ සහ ආරක්ෂිත විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම විසින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
උත්සව කාලය තුළ ජාතික විදුලිබල පද්ධතියේ පවතින විදුලි ඉල්ලුම හේතුවෙන්, පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවර ක්‍රියාකාරිත්වය ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණයි.
ඒ අනුව, වහල මත සවි කර ඇති සූර්ය පැනල හිමිකරුවන් වෙත දන්වා සිටින්නේ අද (30) පස්වරු 3:00 දක්වා ස්වේච්ඡාවෙන් තම සූර්ය පැනල පද්ධති ක්‍රියා විරහිත කර තබන ලෙසයි.