තාක්ෂණික ලෝලීන් අතර දැඩි කතාබහට ලක්ව ඇති මෙම නවතම තොරතුරු මඟින් iPhone 18 Pro හි බාහිර පෙනුම සහ වර්ණ පෙළගැස්ම (Color Lineup) ගැන සුවිශේෂී ඉඟි රැසක් අනාවරණය වී තිබීම විශේෂත්වයක්.
මෙම නවතම කාන්දු වීම්වලට අනුව, මෙවර iPhone 18 Pro හි ප්‍රධානතම ආකර්ෂණය හෙවත් සංකේතාත්මක වර්ණය (Signature Color) වන්නේ තද වයින් පැහැයට හුරු Dark Cherry වර්ණයයි.
නමුත් ලොව පුරා සිටින Apple රසිකයින්ට යම් දුරකට කනගාටුදායක ආරංචියක් ද මේ සමඟ පැමිණෙනවා. ඒ, බොහෝ දෙනා ප්‍රිය කරන සාම්ප්‍රදායික සැබෑ කළු (True Black) වර්ණය අඛණ්ඩව දෙවන වරටත් මඟහැරීමට Apple සමාගම තීරණය කර ඇති බවයි. මීට පෙර නිකුත් වූ iPhone 17 Pro මාදිලියේ ද සාමාන්‍ය කළු වර්ණය ඇතුළත් වූයේ නැහැ. ඒ වෙනුවට මෙවර iPhone 18 Pro සඳහා පහත වර්ණ වෙන් වනු ඇති බවටයි වාර්තා වෙන්නේ:
Dark Cherry (ප්‍රධාන වර්ණය)
Light Blue
Dark Gray
Silver
චීන සමාජ මාධ්‍ය ජාලාවලින් මුලින්ම කාන්දු වූ තෙවන පාර්ශවීය සැපයුම්කරුවන්ගේ කැමරා කොටස් (Camera cover components) මෙන්ම, iPhone 18 Pro සහ Pro Max සඳහා නිපදවා ඇති බවට විශ්වාස කෙරෙන MagSafe ආවරණ (Cases) හරහා මෙම වර්ණ රටාවන් තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත්, දැනට ලැබී ඇති ඡායාරූපවල Silver වර්ණයට අදාළ ආවරණ දැකගත නොහැකි වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම අන්තර්ජාලයට එක්ව ඇති 'Hands-on' වීඩියෝවකට අනුව, iPhone 17 Pro හි මූලික හැඩතල එලෙසම පවත්වා ගනිමින්, වඩාත් උසස් නිමාවන් (Premium finishes) කිහිපයක් මෙවර දැකගත හැකි වනු ඇත.
iPhone 18 Pro මාදිලිය හුදෙක් බාහිර අලංකාරයට පමණක් සීමා නොවී, දැවැන්ත තාක්ෂණික යාවත්කාලීන කිරීම්වලින් ද සමන්විතයි:
තිරය - Pro Max මාදිලිය සඳහා අඟල් 7කට ආසන්න දැවැන්ත තිරයක් සහ වඩාත් කුඩා වූ Dynamic Island එකක්.
ප්‍රොසෙසරය - ප්‍රථම වරට 2nm (නැනෝමීටර්) තාක්ෂණයෙන් නිපදවන ලද අතිශය ප්‍රබල A20 Pro චිපය.
සන්නිවේදනය - වඩාත් දියුණු චන්ද්‍රිකා සන්නිවේදන පහසුකම් (Satellite communication) සහිත C2 මොඩමය.
ප්‍රධාන සෙන්සරය සඳහා Variable Aperture (වෙනස් කළ හැකි ප්‍රාචීර) තාක්ෂණය සහ ඉහළ කාර්යසාධනයක් සහිත 'Telephoto' කැමරා පද්ධතිය.
මෙම ඡායාරූප මුලින්ම අන්තර්ජාලයට මුදාහැරියේ කවුරුන්ද යන්න තවමත් රහසක් වන අතර, ඇතැම් තොරතුරු සපයන්නන් මෙහි විශ්වාසවන්තභාවය පිළිබඳව සැක මතු කර තිබෙනවා.
ක්ෂේත්‍ර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මේවා දැනට පවතින මූලාකෘති පමණක් විය හැකි බවයි.