ඊට හේතුව ඇගේ මරණය වටා ගෙතී ඇති අබිරහස් ගැටලු රාශියක් පැවතීමයි. ඇය ඉතා කෙටි කලක ආදර සබඳතාවයකින් පසු කඩිනමින් විවාහ ගිවිස ගත්තේ ඝානා ජාතික එරික් අඩුසා (Eric Adusah) සමඟයි.
ඔහු පෙන්තකොස්ත පල්ලියක ප්‍රධාන දේවගැතිවරයෙකු වන අතර, ඔහුගේ අනුගාමිකයන් ඔහුව හඳුන්වන්නේ දෙවියන් වහන්සේගෙන් සෘජුවම දිව්‍යමය හෙළිදරව් ලබන Prophet ලෙසයි. කෙසේ වෙතත්, මෙම විවාහයෙන් මාස හයකට පසු, ඝානාවේ හෝටලයක නාන තටාකයක් තුළ චාමේන් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනිණි. ඇගේ මරණය සම්බන්ධයෙන් සැකය එල්ල වූයේ ඇගේ සැමියා වන එරික් අඩුසා වෙතයි.
පසුව ඔහුට මිනීමැරුම් චෝදනා එල්ල වුවද, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඔහු නිදහස් කරනු ලැබුවා. තමා සිය බිරිඳගේ මරණයට කිසිසේත් සම්බන්ධ නැති බව දේවගැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර සිටියි. බීබීසී පුවත් අනාවරණයකට පසු මතුවූ සැකයපසුගිය මාසයේ විකාශය වූ වාර්තා වැඩසටහන මඟින්, චාමේන් අවසන් වරට පණපිටින් දුටු රාත්‍රියේ ඇගේ සැමියා වන අඩුසා හැසිරුණු ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න රාශියක් මතු කර තිබුනා.
චාමේන් සිය හත් හැවිරිදි පුත්‍රයාව ස්කොට්ලන්තයේ, සිය සැමියාගේ පල්ලියේ සාමාජිකයන් භාරයේ තබා තනිවම ඝානාව බලා යාමට තීරණය කළේ මන්ද යන්න ඇගේ පවුලේ අයට සහ මිතුරන්ට විශාල ප්‍රහේලිකාවක් වී තිබුණා.
"ඇය ගියේ රහස් මෙහෙයුමක..."මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන නවතම පොඩ්කාස්ට් (Podcast) මාලාවක් වන "Charmain and the Prophet" හරහා එල්මා ඇඩම්ස් (Elma Adams) නමැති කාන්තාව විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබුණා. ඇය පවසන්නේ එම ගැටලුවට තමා සතුව පිළිතුරක් ඇති බවයි.
ඇගේ ප්‍රකාශයට අනුව, චාමේන් ඝානාව බලා ගොස් ඇත්තේ සාමාන්‍ය සංචාරයක් සඳහා නොවෙන අතර, ඇය සිය සැමියා සැබවින්ම කවුද සහ ඔහුගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද යන්න සෙවීමේ විශේෂ "රහස් මෙහෙයුමක" (Mission) නිරත වෙමින් සිට ඇති බවට සැක මතුවෙනවා.
චාමේන්ගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති අතර, මෙම නවතම හෙළිදරව්වත් සමඟින් ඇගේ මරණය පිටුපස ඇති අභිරහස තවදුරටත් සංකීර්ණ වී ඇති බවයි මේ කතා එක්ක බොහෝ දෙනෙක් පවසන්නේ..


BBC පුවත්සේවය ඇසුරෙන්..