Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
හිරගෙදර බඩු මුට්ටු ඔක්කොම විනාශයි.. රටක් කතාවෙන සිදුවීමෙන් පසු, අධිකරණයෙන් ලැබුණු ඒ නියෝගය මෙන්න..

- හිරගෙදර බඩු මුට්ටු ඔක්කොම විනාශයි.. රටක් කතාවෙන සිදුවීමෙන් පසු, අධිකරණයෙන් ලැබුණු ඒ නියෝගය මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

643 Views

මේ සිද්ධිය ගැන අද රටේ බොහෝ දෙනෙක් කතා කරනවා. මේ තරම් කුරිරු සිදුවීමක් බන්ධනාගාරය ඇතුළේ සිදුවුණේ කොහොමද..?

සියල්ල සම්බන්ධයෙන් පර්‍යේෂණ ක්‍රියාත්මක වන පසුබිමක ඒ කතාව ගැන දැන් ඇසෙන්නේ මෙවැන්නක්.. 


මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ (06දා) පෙරවරුවේ නැවතත් හටගත් ගැටුම්කාරී තත්ත්වයෙන් බන්ධනාගාරය එකම යුදපිටියක් බවට පත් වූ අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් 07 දෙනකු ඇතුළු පුද්ගලයෝ 26 දෙනෙක්ට ජීවිත අහිමි වුණා.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ඇති වූ ගැටුම් වලින් බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයෝ 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ අතර, ඊයේ පෙරවරුවේ සිට ඇති වී තිබූ මෙම කලබලකාරී තත්ත්වය දහවල් වන විට පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් වුණා.

එසේ සමථයට පත්වීමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙතමාරුකර යැවීමට බන්ධනාගාර පාලනාධිකාරිය ඊයේ සවස් වන විට කටයුතු කරමින් සිටියා.

පෙරේදා දහවල් සිට ඇති වී තිබූ ගැටුම්කාරි තත්ත්වය රාත්‍රිය වන විට පාලනය වී තිබුණා. එහෙත් නැවත මෙම ගැටුම්කාරි තත්ත්වය ආරම්භ වී ඇත්තේ ඊයේ පෙරවරුවේයි.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ ඥාතීන්ට බන්ධනාගාරයට ගොස් සිය ඥාතීන් බැලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට සහ උදෑසන ආහාර ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පිරිසක් ඊයේ පෙරවරුවේ එහි ඇතුළු වී තිබුණා.

ඒ අවස්ථාවේ බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර නැවත උණුසුම් තත්ත්වයක් උද්ගත වුණා. එම උණුසුම් තත්ත්වය උද්ගත වීමෙන් පසු රැඳවියන් බන්ධනාගාරයට පැමිණි නිලධාරීන් පහර දී ඝාතනය කර තිබෙනවා.

එම නිලධාරීන් සතුව තිබූ ගිනි අවි සහ ජංගම දුරකථන පැහැර ගත් රැඳවියන් නැවතත් බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර තම සහෝදර නිලධාරීන්ට පහර දෙන බව සැලවීමත් සමග ඔවුන් බේරා ගැනීමට තවත් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එහි ඇතුළු වූ අතර රැඳවියන් ඔවුන්ට ද පහර දී ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ සහ බන්ධනාගාර සිරකරුවන් 20 දෙනාගේ මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මීගමුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්.එස්.ආර්. වික්‍රමරත්නට අද (07) නියෝග කළා.

මෘත දේහවලට අදාලව මරණකරුවන්ගේ පවුලේ භාරකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර පශ්චාත් මරණ පරීක්ෂණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෘතදේහයන් මරණකරුවන්ගේ ඥාතීන්ට භාර දෙන ලෙස ද මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චිට අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ.

මෙ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි සහ අධිකරණ පොලිස් නිලධාරී සැරයන් (53883) බණ්ඩාර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

මෙම ගැට‍ුමෙන් මියගිය 27 දෙනා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට මීගමුව මහ රෝහලේ විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මරණකරුවන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කරමින් නඩුව කල් තැබීය.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top