Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
07
ලග්න රැසකට සුබපල.. සිකුරුගේ පැමිණීම ඔබට කොහොම වේවිද..?

- ලග්න රැසකට සුබපල.. සිකුරුගේ පැමිණීම ඔබට කොහොම වේවිද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

709 Views

මේ වර්ෂයේ අඩක් මේ වන විටත් හරියටම ගෙවා අවසන්.

කොහොම වුණත් ග්‍රහ ලොව සිදුවෙන විවිධ ග්‍රහ පෙරළි එක්ක ජුලි මාසය ආරම්භ වන විටම මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?


මෙම මස 4 වැනි සෙනසුරාදා දින රාත්‍රි 7.15 (හතයි පහළොවට) සිකුරු ග්‍රහයා රවි ග්‍රහයාට හිමි සිංහ රාශියට පැමිණ එම සිංහ රාශි තුළ අගෝස්තු පළමු වන දින දක්වා සිකුරු ග්‍රහයා ගමන් කරනවා.

ඉතින් මේ වෙනස ඔබේ ලග්නයට කොහොම නම් බලපානවා ඇතිද..? මේ අන්න ඒ ගැන කතාවක්.

මේෂ ලග්නය
ඉගෙන ගන්නා අයට සිකුරු දශාව අශුභව සිටියහොත් කේන්ද්‍රය තුළ ඉගෙනීමේ බාධා මතුවේ. ශුභව සිටින විට ඉගෙනීමේ බලය හා විවාහයට ශුභ වන ලෙස මංගල යෝග ද උදා කරයි. නිදහසේ ලක්ෂණට ඉන්නට බලයි. ස්ථිර ආදරය සොයන අයට යහපත් කාලයක් වෙයි. රෝග ලෙස ආමාශගත රෝග බඩේ දෝෂ හා සෙම් රෝග මතුවෙයි.

වෘෂභ ලග්නය
සිකුරු ග්‍රහයා ශුභව කේන්ද්‍රය තුළ ඇති නම් ඉඩම් ගෙවල්වල දියුණුවට කටයුතු කරයි. වාහන ගන්න හිතන අයට යහපත් වේ. මව් පාර්ශ්වයේ උදව් ලැබේ. ගෙදරට අලුත් වටිනා දේ ගේන්නට සිතේ. අලුත් හිත මිතුරුකම් ඇති වේ. රෝග ලෙස පපුවට සෙම් ඒමට බලයි. උණ රෝග වලින් ද ආරක්ෂා වන්න.

මිථුන ලග්නය
කෙන්ද්‍රය තුළ සිකුරු ග්‍රහයා බලවත්ව සිටී නම් මනුෂ්‍යකමට හිත හොඳකමට වැඩ කිරීමට බලයි. සහෝදරයන්ට පවා උදව් කරන්නට හිත ඇති වේ. හිතවත් යාළු මිතුරුකම් ඇති වේ. ඉගෙනීමේ කටයුතු වලට ශුභයි. නිතරම හොඳ නම ඇසීමට ලැබේ. කා සමගත් සුහදව සාමකාමීව ඉන්නට බලයි. රෝග ලෙස දෙපාවල රිදිම් හා පපුවේ රිදීම් ඒමට ඉඩ ඇත.

කටක ලග්නය
සිකුරු ග්‍රහයා කේන්ද්‍රය තුළ බලවත්ව සිටී නම් කතාවේ බලය ඇති වේ. උගන්නවන අයට ශුභයි. අවවාද අනුශාසනා දෙන අයට ද ශුභ වෙයි. ධන බලයක් උදාවේ. නමුත් වියදම් ද ඇති වේ. හිතවත් යාළු මිතුරුකම් ඇති වේ. දුරගමන් පවා යෙදීමට ඇත. රෝග ලෙස උගුරේ අමාරු හා දෙපාවල රිදීම් ඒමට ඇත.

සිංහ ලග්නය
සිකුරු ග්‍රහයා කේන්ද්‍රය තුළ බලවත්ව සිටී නම් ප්‍රබල මංගල යෝග උදාවේ. විවාහයට ශුභ කාලය වුවත් හොඳට සොයා බලන්න. දැනට දරුණු ම අෂ්ටම නම් සෙනසුරුගේ ඒරාෂ්ටක අපලය පවතින බැවින් වරින් වර බාධා කරදර මුදල් නාස්ති වීම් පවා මතු වීමට ඇත. රෝග ලෙස ඔළුවේ කැක්කුම හා සෙම් රෝග මතු වීමට ඇත.

කන්‍යා ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත්ව සිටී නම් මුදල් ලැබීම් ඇති වුවත් වියදම් තත්ත්වය ඉහළ යනු ඇත. මුදල් නාස්ති වීම් ඇත. මුදල් වංචා වලට අසුවීමට ඇත. විදේශ ගතවීම් වලට යහපත් වේ. නමුත් නීති ප්‍රශ්න පවා මතු වීමට ඇත. ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න. රෝග ලෙස දෙපාවල රිදීම් හා තුනටියේ රිදීම් මතු වීමට ඇත.

තුලා ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත් වී සිටී නම් ධන බලය ලැබේ. දියුණුවට මාර්ග පෑදේ. නිතරම අලුත් හිත මිතුරන් හමුවේ. ප්‍රබල මංගල යෝග ද උදාවේ. විවාහ වීමට අදහස් කරන අයට යහපත් වේ. විදේශ ගතවීම් වලට ශුභ වේ. ඉගෙන ගන්නා අයට ද යහපත් වේ. රෝග ලෙස ඇස් වල හෝ බඩේ ආමාශ ගත රෝග මතුවීමට ඇත.

වෘශ්චික ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත් වී සිටී නම් රැකියාවේ දියුණුව ඇති වේ. අලුතින් වෙළෙදාම් ව්‍යාපාර කරන්නට හිත ඇති වේ. හිතවත් අය පවා උදව් කරයි. ඔබගේ උත්සාහය සාර්ථකත්වයේ මගයි. අතමිට සරු වේ. දියුණුවට යහපත් වේ. නමුත් වියදම් තරමක් ඉහළ යනු ඇත. රෝග ලෙස ඔළුවේ බර ගතිය හා පිටේ රිදීම් ඒමට ඇත.

ධනු ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත් වී සිටී නම් දුරගමන් යෙදේ. වන්දනා ගමන් යෑමට කරුණු උදාවේ. පිනට දහමට වෙනදාට වඩා හිත ඇති වේ. ඉගෙනීමේ කටයුතු වලටත් ශුභයි. විදේශ ගතවීම් වලටත් යහපත් වේ. මංගල යෝග පවා උදාවේ. රෝග ලෙස දෙපාවල රිදීම් මතු වීමට ඇත.

මකර ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත්වීම අනුව වාසනාව උදා වුවත් සිකුරු ග්‍රහයා ඔබගේ මාරක ස්ථානයට පැමිණීම තරමක් බාධා පීඩා ගෙන දෙයි. ලැබීම් වලට බාධා මතු වේ. අලුත් හිත මිතුරුකම් ඇතිවේ. නමුත් රැවටීමට ඇත. ඉතාම කල්පනාවෙන් කටයුතු කරන්න. රෝග ලෙස මුත්‍රා වල දෝෂ හා බඩේ රෝග මතු වීමට ඇත.

කුම්භ ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත්වී සිටී නම් ප්‍රබල මංගල යෝග උදාවේ. අලුත් හිත මිතුරුකම් ඇති වේ. හවුලේ කරන වැඩ වලට ශුභයි. විවාහ ප්‍රමාද වුණ අයට ඒවා ඉක්මණින් වෙයි. වන්දනා ගමන් විනෝද ගමන් යෑමට හිත් ඇති වේ. ලැබීම්වලටත් ශුභයි. රෝග ලෙස ඇස් වල හා හිසේ අමාරු ඒමට ඇත.

මීන ලග්නය
සිකුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රය තුළ බලවත්වීම අනුව සතුරු පරාජය කර ජය ලබාගැනීමට ශුභ කාලයයි. ප්‍රබල විදේශගත වීම් පවා ඇත. නමුත් මුදල් නාස්තිවීමට ඇත. වටිනා දේ නැති වීමට ඇත. අමතක වීම් ඇත. හිතවත් මිතුරන් ඇති වේ. දුරගමන් යෙදේ. ධනය ලැබීමට ද ශුභයි. රෝග ලෙස ඔළුවේ බර ගතිය හා දෙපාවල රිදීම් ඒමට ඇත.

නැකත ජෝතිශ්‍ය අතිරේකය ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top