මේ හේතුවෙන් උත්සව ශාලාවේ භාණ්ඩවලට හානි වී පුද්ගකයෙකු තුවාල ලබා ගැටුම බේරීමට ගිය පොලිස් කොස්තාපල් වරයෙකුද එදින දින සවස තුවාල ලබා ඇතැයි දෙනියාය පොලිසිය පවසනවා.
ගැටුම හේතුවෙන් උත්සවශාලාවේ භාණ්ඩවලට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ අලාභ හානියක් සිදු වී ඇති බවට උත්සව ශාලාවේ හිමිකරු දෙනියාය පොලිසියට පැමිණි කර ඇතැයි ද පොලිසිය වැඩිදුරටත් සදහන් කරනවා.
ගැටුම හේතුවෙන් වැලිගම ප්‍රදේශයෙන් පැමිණි මනමාලිගේ පාර්ශවයේ පුද්ගලයෙකු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර තිබු අතර ගැටුම බේරා ගැටුම ඇතිකර ගත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරී කණ්ඩායමේ එක් කොස්තාපල්වරයෙකු අත් විලංගුව යොදා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් නිලධාරියාගේ නළලේ අත් විලංගුව වැදී තුවාල ලබා ඔහුද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා.
මංගල සාදයක් අතරතුර දෙනියාය හෝටලයක ගැටුමක් සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද ඇමතුම් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබුණා.
ගැටුමට සම්බන්ධ බව කියන වයස අවුරුදු 25,26,44 වයස් කාණ්ඩවල වැලිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ගැටුම හේතුවෙන් උත්සව ශාලාවේ මේස, පුටු,පිගන්,වීදුරු, කෑම බහාන භාජන ඇතුළු බඩු භාණ්ඩ රැසකට අලාභ හානි සිදු වී ඇති බවද මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති . ගැටුමට මූලික වී ඇත්තේ විශ්‍රාම ගිය හමුදා සෙබළෙකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන අමරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.