වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.2ක් සහ 7.5ක බිහිසුණු ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන මාලාව නිසා මේ වනවිට පුද්ගලයින් 1,450කට අධික පිරිසක් මියගොස් ඇති බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
මුළු නගරයක්ම සුන්බුන් ගොඩක් බවට පත්වෙද්දී, මේ වනවිටත් දෙස් විදෙස් සහන සේවකයින් දහස් ගණනක් එකතු වෙලා සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මහා මෙහෙයුමක් දියත් කරලයි තියෙන්නේ.
සාමාන්‍යයෙන් මෙවැනි දරුණු ආපදාවකදී කඩාවැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර සිරවෙන මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට ලැබෙන උපරිම සහ තීරණාත්මක කාලය වෙන්නේ පැය 48ත් 72ත් (දින 3ක්) අතර කාලයක් විතරයි. ඉන්පස්සේ ජීවිත බේරීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි.
හැබැයි මේ භූකම්පනය සිදුවී අදට දින 5ක්ම ගතවී තිබියදීත්, නොසිතූ මොහොතක සැබෑම ආශ්චර්යයක් සිදුවී තිබෙනවා....ගෙවුණු සති අන්තයේ විතරක් සුන්බුන් අතරින් පණපිටින් මිනිසුන් 33 දෙනෙක් මුදාගන්න සහන සේවකයින් සමත් වෙලා තියෙනවා.
මේ මෙහෙයුමේ වඩාත්ම සංවේදී සහ සතුටුදායක පුවත වාර්තා කරන්නේ වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් මහත්මියයි. ඇය පවසන පරිදි මෙලෙස දින 5කට පසු මරණය පරදා ජීවිතය දිනූ පිරිස අතර අවුරුදු 11ක් වයසැති පිරිමි ළමයින් දෙදෙනෙකුද සිටිනවා...
කෑමක් බීමක් නැතිව, හුස්ම ගන්න පවා අමාරු ඝන අන්ධකාර සුන්බුන් තට්ටු අතර දින පහක් තිස්සේ මරණයත් එක්ක සටන් කරපු මේ දරුවන් දෙන්නා බේරාගැනීම මුළු ලෝකයේම සහන සේවකයින්ගේ දෑස්වලට කඳුළු උනන සුළු සිදුවීමක් වුණා.