Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
26
හිරු තිරය හැඩකරන අලුත්ම තරුව... ''ඇත්තමයි මං ඔයාට ආදරෙයි'' යෂ් එක්ක කළ රසබර කතාබහක්!

- හිරු තිරය හැඩකරන අලුත්ම තරුව... ''ඇත්තමයි මං ඔයාට ආදරෙයි'' යෂ් එක්ක කළ රසබර කතාබහක්!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

203 Views

මේ දිනවල හිරු ටීවී නාලිකාවේ විකාශය වන "ඇත්තටම මං ඔයාට ආදරෙයි" ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ, විශේෂයෙන්ම තරුණියන්ගේ හදවත් සොරාගත් අලුත්ම රංගන ශිල්පියා ගැන තමයි අද අපි මේ කතාබහට එක්කර ගන්නේ.


ඔහු නමින් සාරත බණ්ඩාර. රංගනයට අලුත් මුහුණක් වුණත්, "යෂ්" කියන ආදරණීය චරිතය හරහා ඔහු මේ වෙද්දීත් ලංකාවේම ආදරය දිනාගෙන අවසන්.
හීන පස්සේ හඹා යන, ආදරය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන යෂ්ගේ සැබෑ ජීවිතයේ තොරතුරු දැනගන්න අපි, යොවුන් වගේම දක්ෂ, කඩවසම් රංගන ශිල්පී සාරත බණ්ඩාරව අපේ කතාබහට මෙලෙස සම්බන්ධ කර ගත්තා.

යොවුන් වගේම දක්ෂ, කඩවසම් රංගන ශිල්පියෙක් වන සාරත බණ්ඩාර ඉතින් කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ?

මේ දවස්වල නම් ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. ප්‍රධානම හේතුව "ඇත්තටම මන් ඔයාට ආදරෙයි" ටෙලි නාට්‍යයේ රූගත කිරීම්. ඊට අමතරව මම මගේ රංගන හැකියාවන් තව තවත් ඔපමට්ටම් කරගන්නත් මේ කාර්යබහුලත්වය අස්සේම කාලය වෙන් කරනවා.

යොවුන් රංගන ශිල්පියෙක් හැටියට කොහොමද මුලින්ම ඔබ මේ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ ?

මගේ ආරම්භය සිනමාවෙන් කියනවා නම් නිවැරදියි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ "ක්ෂීර සාගරය කැලඹිණි" කියන දැවැන්ත සිනමාපටයෙන් තමයි මම මුලින්ම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ. එහි මට ලැබුණේ සුළු චරිතයක් වුණත්, එතැනින් මම ලබාගත් අත්දැකීම් සම්භාරය මිල කරන්න බැහැ. ඊටපස්සේ මම ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මියගේ "අභින" වැඩමුළුවට සම්බන්ධ වෙලා රංගනය පිළිබඳව විධිමත්ව හැදෑරුවා. ඒ පන්නරයත් එක්ක තමයි මම ක්ෂේත්‍රයේ මේ විදිහට ස්ථාවර වෙන්නේ.

ලංකාවේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවක, අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක ප්‍රධානම භූමිකාව ඔබට ලැබෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ? පවුලෙන් ලැබෙන සපෝට් එක කොහොමද?

ඇත්තටම ඒක මට ලොකු භාග්‍යයක්. මේ වෙලාවේ මම විශේෂයෙන්ම ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මැතිතුමාට සහ හිරු මාධ්‍ය ජාලයට මගේ හදපිරි ස්තූතිය පුදකරනවා මේ වගේ ලස්සන නිර්මාණයකට මාව සම්බන්ධ කරගත්තාට. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක, දක්ෂ නිර්මාණකරුවෙක් වන ධනුෂ්ක රත්නායක අයියාවත් ආදරයෙන් මතක් කරනවා, මාව විශ්වාස කරලා මේ දැවැන්ත වගකීම මට භාර දුන්නාට. ප්‍රේක්ෂකයන්ගේ ආදරය මේ තරම් දිනාගන්න පුළුවන් චරිතයක් කරන්න ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා. ඒ වගේම මගේ පවුලේ අය තමයි මගේ මේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න දැවැන්තම ශක්තිය.

හැමෝම ආදරය කරන මේ යෂ් කියන්නේ ඇත්ත ජීවිතයේ සාරතට කොච්චර දුරට සමාන චරිතයක්ද?

යෂ් කියන්නේ තමන්ගේ හීන වෙනුවෙන් සටන් කරන, ඒ වගේම තමන් ආදරය කරන අය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන චරිතයක්. ඇත්තටම මගේ සැබෑ ජීවිතයෙත් ඒ වගේ ගතිගුණ තියෙනවා. ඒ හැරුණාම සාරත කියන මට මගේම වුණු අනන්‍යතාවයක් සහ වෙනස්කම් තියෙනවා.

මේ ගමනේදී ඔබට මුහුණ දෙන්න වෙන අභියෝග සහ සහෝදර රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමුද?

රංගනය කියන්නේ හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න තියෙන විෂයයක්. සමහර දර්ශනවලදී යෂ් කියන චරිතය ඇතුළටම යන්න ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඒක අභියෝගයක්. හැබැයි මගේ සහෝදර රංගන ශිල්පීන් සහ මුළු කණ්ඩායමම හැම වෙලාවෙම මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා ඒ අභියෝග ජයගන්න පහසුයි.

දැන් ඉතින් විශේෂයෙන්ම තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එහෙම ඉහළින්ම ඇති නේද?

(සිනාසෙමින්) ඔව්, ඇත්තටම රසිකයන්ගෙන් ලැබෙන ආදරය වචනවලින් කියන්න බැරි තරම්. ගොඩක් ආදරණීය ප්‍රතිචාර මේ දවස්වල ලැබෙනවා. කාන්තාවන් වගේම ඒ සියලුම රසික රසිකාවියන්ගෙන් ලැබෙන ආදරය තමයි මේ ගමන යන්න මට තියෙන ලොකුම ශක්තිය.

ආදරය සහ විරහව කියන දේ සාරත දකින්නේ කොහොමද?

මම දකින විදිහට ආදරය කියන්නේ ජීවිතය ලස්සන කරන අපූරු හැඟීමක්. ඒ වගේම විරහව කියන්නේ අපිට ජීවිතයේ පාඩම් කියලා දෙන අත්දැකීමක්‌. මේ දේවල් දෙකම ජීවිතයකට වැදගත් කොටස් කියලා මම විශ්වාස කරනවා.

ඉතින් ඉදිරියේදී එන්න තියෙන අලුත් නිර්මාණ මොනවාද සහ බලාපොරොත්තු ගැනත් කියමු අපි ?

ඉදිරියේදීත් හොඳ, වෙනස්ම විදිහේ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුංචි තිරයට අමතරව සිනමාව තුළත් මගේ ගමන ස්ථාවරව ඉදිරියට අරගෙන යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

කතාබහ අවසන් කරන්න කලින්, සාරතට ආදරය කරන අයට මොනවාද කියන්න තියෙන්නේ?

මාව විශ්වාස කරලා, මට මේ තරම් ආදරය කරන හැමෝටම මගේ හදවතින්ම බොහොම ස්තුතියි. ඉදිරියටත් මම කරන නිර්මාණත් එක්ක රැඳිලා ඉඳලා, මට මේ විදිහටම ඔයාලගේ ආදරය සහ සහයෝගය ලබා දෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

රංගනය පිළිබඳව මනා හැදෑරීමක් සහිතව කලා ලොවට පියනැගූ සාරත බණ්ඩාර, ඉදිරියේදී ලාංකේය ටෙලිනාට්‍ය මෙන්ම සිනමාව තුළද දිගු ගමනක් යනු ඇති බව නොඅනුමානය. ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ හරහා තවදුරටත් අප හමුවට එන සාරතගේ ඉදිරි කලා කටයුතු සියල්ලම සාර්ථක වේවා යන්න අපගේද පැතුමයි!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top