Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
25
මේ ලක්ෂණ 5 ඔයාටත් තියෙනවද? වකුගඩු අක්‍රිය වෙන්න කලින් ඇඟෙන් දෙන මේ රතු එළි ගැන අනිවාර්යයෙන්ම කියවන්න!

- මේ ලක්ෂණ 5 ඔයාටත් තියෙනවද? වකුගඩු අක්‍රිය වෙන්න කලින් ඇඟෙන් දෙන මේ රතු එළි ගැන අනිවාර්යයෙන්ම කියවන්න!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

455 Views

අපේ ඇඟේ තියෙන ෆිල්ටර් එක විදිහට වැඩ කරන වකුගඩු දෙකෙන් ඇඟේ තියෙන ජරාව අයින් කරනවා විතරක් නෙමෙයි, තරල සමතුලිතතාව රකිනවා, රුධිර පීඩනය පාලනය කරලා ලේ හදන්නත් උදව් කරනවා. 


හැබැයි ඉතින් මේ තරම් වැඩ කරන වකුගඩු දෙක ලෙඩ වෙද්දි අපි ඒක දන්නේ අන්තිම මොහොතේ!

බොහෝ දෙනෙක් වකුගඩු අකර්මණ්‍ය වීමේ මූලික ලක්ෂණ ගණන් ගන්නේ නැහැ. ඔන්න ඒ නිසා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ගරිමා අගර්වාල් සහ ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍ය මොහ්සින් වාලි අනතුරු අඟවනවා, මේ ලක්ෂණ 5 තියෙනවා නම් අනිවාර්යයෙන්ම කල් තියාම ප්‍රතිකාර පටන් ගන්න කියලා!

වකුගඩු අකර්මණ්‍ය වන බව කියන රහස් ලක්ෂණ 5 මෙන්න!
1. නිතර නිතර වොෂ්රුම් දුවන්න වෙනවද?
සාමාන්‍ය විදිහට නැතුව නිතරම මුත්‍රා පිටවෙනවා නම් (මෙය පොලියූරියා ලෙස හඳුන්වයි), එහෙමත් නැත්නම් පෙණ සහිතව මුත්‍රා පිටවෙනවා නම් ඒක වකුගඩු හානි වීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. හැබැයි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් මුත්‍රා පිටවෙන එකත් වකුගඩු රෝගයේම ලක්ෂණයක්!

2. ඇස් සහ කකුල් ඉදිමිලාද?
උදේට නැගිටිද්දි මුහුණ, ඇස් ඉදිමිලා නම්, එහෙමත් නැත්නම් කකුලේ වළලුකර, පහළ පිටුපස ඉදිමිලා නම් ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා අතාරින්න එපා. වෛද්‍ය ගරිමා කියන විදිහට පාද ඉදිමෙන එක වකුගඩු ලෙඩේ ප්‍රබල රතු එළියක්!

3. එකපාරටම ප්‍රෙෂර් (Pressure) වැඩිවෙනවද?
රුධිර පීඩනය කියන්නේ හරියට කැපෙන කඩුවක් වගේ වැඩක්. අධික රුධිර පීඩනය නිසා වකුගඩු සවුත්තු වෙනවා වගේම, වකුගඩු අකර්මණ්‍ය වෙද්දිත් ප්‍රෙෂර් එක නගිනවා! ඖෂධ මාත්‍රාව වැඩි කරලත් ප්‍රෙෂර් එක පාලනය වෙන්නේ නැත්නම් වහාම පරීක්ෂා කරගන්න.

4. දියවැඩියාව තියෙන අයට ලොකුම අවදානම!
දන්නවද වැඩේ? වකුගඩු රෝගීන්ගෙන් 80%ක්ම දියවැඩියා රෝගීන්ලු! දියවැඩියා රෝගීන්ගෙන් 30% සිට 40% දක්වා පිරිසකගෙම වකුගඩුවලට බලපෑම් එල්ල වෙලා. විශේෂම දේ තමයි, වකුගඩු ලෙඩේ පටන් ගනිද්දි එකපාරටම සීනි මට්ටම (Sugar level) පහත වැටෙනවලු!

5. ඇඟ කසනවා, මහන්සියි, කන්නත් බෑ!
වකුගඩු අකර්මණ්‍ය වෙද්දි ඇඟේ 'ෆොස්ෆරස්' ඌණතාවයක් ඇති වෙනවා. ඒකෙන් මුළු ඇඟම කසන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි, පට්ට මහන්සියක් (තෙහෙට්ටුව) දැනෙනවා, කෑම රුචිය නැතිවෙලා ඔක්කාරය එනවා නම් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න.

වකුගඩු දෙක බේරගන්න දැන්ම මේ දේවල් කරන්න!
විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන විදිහට මේ මාරාන්තික තත්ත්වයෙන් බේරෙන්න පුංචි පුරුදු ටිකක් වෙනස් කරගත්තාම ඇති,

වතුර නම් අනිවාර්යයි: දවසකට වතුර ලීටර් 2.5ක් වත් බොන්න. ප්‍රමාණවත් තරම් වතුර බොනවා නම් වකුගඩුවල ගල් හැදෙන එක සහ ආසාදන ඇතිවෙන එක අඩුවෙනවා. මුත්‍රා ලා කහ පාටින් හෝ පැහැදිලිව පිටවෙනවා නම් බය වෙන්න දෙයක් නෑ.

ලුණු සහ සීනිවලට තිත: අච්චාරු, පපඩම්, නූඩ්ල්ස් වගේ කලින් පිසූ ආහාර කන එක අඩු කරන්න. ගොඩක් අය හිතන්නේ 'සහිඳ ලුණු' (Rock salt) ගුණයි කියලානේ? ඒත් ඒකේ සෝඩියම් වැඩි නිසා වකුගඩුවලට මාරම භයානකයිලු! කේක්, කෝලා වගේ සැකසූ සීනි අඩංගු කෑමත් නවත්වන්න.

බර පාලනය: වයස අවුරුදු 50 පනිද්දි දියවැඩියාව සහ ප්‍රෙෂර් එක හැදෙන්නෙ නැති වෙන්න නම් ශරීර ස්කන්ධ දර්ශකය (BMI) අගය 24ට අඩුවෙන් තියාගන්න. පරිවෘත්තීය ක්‍රියාවලිය හොඳින් තියාගන්න සැහැල්ලු ව්‍යායාමයක් අනිවාර්යයෙන්ම කරන්න.

කෑම බීම: පලතුරු, එළවළු එක්ක 'ප්‍රෝ-බයෝටික්' තියෙන කෑම කන්න. තෙලේ බැදපු කෑමවලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න.

හිතුවක්කාර විදිහට පෙති ගිලින්න එපා: ඇඟපතේ අමාරුවට සහ ආතරයිටීස් වලට ෆාමසිවලින් වෛද්‍ය උපදෙස් නැතුව වේදනා නාශක බීලා වකුගඩු නරක් කරගන්න එපා. ඒවයේ තියෙන බැර ලෝහ සහ ස්ටෙරොයිඩ්ස් වකුගඩුවලට වස වගේ!

මේ කියන්නේ ඔයාගේ වටිනා ජීවිතේ ගැන! නිරෝගී ජීවන රටාවක් එක්ක අදම මේ ගැන සැලකිලිමත් වෙන්න!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top