හැමදාම පොසොන් කාලෙට බස්වල, කෝච්චිවල සෙනඟ අස්සේ හැප්පි හැප්පි යන එකනේ අපේ අයට තියෙන ලොකුම ප්‍රශ්නේ. අන්න ඒකට විසඳුමක් විදිහට මේ පාර විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නයි යන්නේ!
මේ ජුනි 29 වෙනිදාට යෙදිලා තියෙන පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් වන්දනාවේ යන බැතිමතුන්ට කිසිම කරදරයක් නැතුව ගමන් කරන්න විශේෂ දුම්රිය ධාවනයක් එක් කරන්න තීරණය කරලලු තියෙන්නේ.
දැනට සාමාන්‍ය විදිහට ධාවනය වෙන කෝච්චි වලට අමතරව තමයි මේ විශේෂ දුම්රිය වාර ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේ පාර නම් සෙනඟ අස්සේ තෙරපෙන්නේ නැතුව යන්න නියම චාන්ස් එකක් තියෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව කියන විදිහට මේ විශේෂ දුම්රිය ධාවනය වෙන්නේ මේ දවස් ටිකේ විතරයි,
ආරම්භක දිනය: 2026 ජුනි 27
අවසන් වන දිනය: 2026 ජුනි 30
ඉතින් මේ පාර පවුලේ අයත් එක්ක, යාලුවොත් එක්ක නිදහසේ පොසොන් බලලා අනුරාධපුරේ වන්දනා කරගෙන එන්න හිතන් ඉන්නවා නම්, මේ කෝච්චි ටික මාරම පහසුවක් වෙයි. පෝස්ට් එක ශෙයාර් කරලා මේ පාර පොසොන් යන්න ඉන්න ඔයාගේ යාලුවන්ටත් මේ සුපිරි ආරංචිය දැනගන්න දෙන්න!