මේ කියන්න යන්නෙත් මුහුණුපොත කැළඹූ, හැමෝගෙම හිත්වලට ආදර්ශයක් දුන්නු අපූරු සිදුවීමක් ගැනයි.
බස් එකක ගමන් කරපු මගියෙක් තමන්ගේ ඇස් දෙකෙන් දැකපු ඒ ලස්සන අත්දැකීම සටහන් කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි.
ඊයේ දවසේ ඉස්කෝලේ ඇරිලා පුංචි පිරිමි ළමයි තුන්දෙනෙක් බස් එකකට ගොඩවෙලා තියෙනවා. බස් එකේ ඉස්සරහින්ම වාඩිවුණු මේ තුන්දෙනා ඊළඟට කරපු වැඩෙන් බස් එකේ හිටපු හැමෝගෙම අවධානය ඔවුන් වෙත යොමුවුණා. කොල්ලෝ තුන්දෙනා එකතු වෙලා, තමන් සතු සල්ලි එකතු කරලා ළඟ තිබුණු කඩේකින් බූන්දි පැකට් එකක් මිලදී ගෙන තිබෙනවා.
මේ පොඩ්ඩොන්ගේ තියෙන ගතිගුණ කියාපාමින්, බූන්දි බෑග් එක කඩපු ගමන් මුලින්ම ඒක දිගු කරලා තියෙන්නේ බස් එකේ රියදුරු මහත්තයාට සහ කොන්දොස්තර මහත්තයාටයි. ඒ වෙනකොටත් බස් එක ඉදිරියට ඇදෙමින් තිබිලා තියෙනවා.
ඊටපස්සේ තමයි හොඳම වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. බස් එකේ දාලා තිබුණු සින්දුව ඇහෙනකොට, එක පුංචි පුතෙක් කෙලින්ම රියදුරු මහත්තයා ළඟට ගිහින් කනට කරලා මොකක්දෝ කියලා තියෙනවා. ඒ ගමන්ම රියදුරු මහත්තයා බස් එකේ සිංදුව නතර කරලා තියෙනවා. ඊටපස්සේ මේ පුංචි යාළුවෝ තුන්දෙනා කිසිම ලැජ්ජාවක්, බයක් නැතුව මුළු බස් එකටම ඇහෙන්න ලස්සනට සින්දුවක් කියන්න පටන් අරන්...
මේ අපූරු දසුන ඇස් දෙකෙන් දැකපු මගියා සටහන් කරලා තිබුණේ, "ඇත්තටම මට හිතුණා මේ පරපුර තනියම කන අය නෙමෙයි, බෙදා හදාගෙන කන අය. එයාලා අනිකා කියන්න කලින් තමන්ගේ සාක්කුවෙන් යමක් දෙන අය. ජය වේවා පොඩ්ඩෝ ටිකට" යනුවෙනි.
මුහුණු පොතේ තැබූ සටහනක් ඇසුරෙන්