ඒ අනුව හෙට සිකුරාදා දින පැය 13 ක අඛණ්ඩ කාලයක් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටින්නේ.
ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින්,
මිද්දෙණිය පාර
හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශ
ජල සැපයුම අත්හිටුවන වේලාව..
හෙට (19) පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා මෙලෙස තාවකාලිකව ජල සැපයුම නතර කෙරෙනු ඇත.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර සිටින අතර, අදාළ කාලය තුළ ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත්, අවශ්‍ය ජලය කලින්ම එකතු කර තබා ගන්නා ලෙසත් ඔවුන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
අරුණ පුවත්පත ඇසුරෙන්