අනුව අස්වැසුම පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් වෙනුවෙන් ජුනි මාසයට අදාළ දීමනා ගෙවීම අද (ජූනි 18 වැනිදා) සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
ආර්ථික අපහසුතා මැද ජීවත් වන ජනතාවට මේ දිනවල ලැබුණු ලොකුම සහනයක් විදිහටයි මේ පුවත වාර්තා වෙන්නේ.
මෙවර ජුනි මාසයේ දීමනාව වෙනුවෙන් රජය විසින් වෙන් කර ඇති මුදල සුළුපටු නැහැ. ප්‍රතිලාභී පවුල් 1,373,248ක් (ලක්ෂ 13කට අධික පිරිසක්) වෙනුවෙන් රුපියල් එක්දහස් අනූ කෝටි හතළිස් අට ලක්ෂ එක්දහස් දෙසිය පනහක දැවැන්ත මුදලක් අද දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර අවසන්.
අද දිනය ඇතුළත ඕනෑම වෙලාවක මේ මුදල් ගිණුම්වලට බැර වන නිසා, තමන්ගේ අස්වැසුම ගිණුම පරීක්ෂා කර බලා මුදල් ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව තිබෙනවා. කිසිදු අතරමැදියෙකුගෙන් තොරව සෘජුවම බැංකුවට මුදල් ලැබීම නිසා ජනතාවට තම අවශ්‍යතා බාධාවකින් තොරව ඉටු කර ගැනීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වනවා.