ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතව ඇත්තේ, ඉන්ධන මිල ගණන් තීරණය කිරීමට පෙර වැඩි මිලට ලබාගත් ඉන්ධන බව නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.
අඩු මිලට මිලදී ගත් ඉන්ධන ඉන් පසුව ලබා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ.
එසේ අඩුමිලට මිලදී ගත් ඉන්ධන ලබාදීමට කිසියම් කාලයක් ගතවන බවත්, ඉන්ධන මිල අඩු වේ යැයි බලාපොරොත්තු වන බවත්, ඔහු සඳහන් කළා.
ඒ අනුව ලබා දී ඇති සහනය ඉවත් කරමින් පවතින මිලෙහිම හෝ මිල අඩුකිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.