නිතරම වගේ කාගේත් අවධානය දිනාගන්න ඇය, පසුගිය දවසක තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණු අපූරු සටහනක් නිසා මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම ලොකු කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
බොහෝ දෙනෙක්ගේ කුතුහලය ඇවිස්සූ ඒ ආන්දෝලනාත්මක සටහන මෙන්න,
"ගල් ගොඩකින් ගලක් හොරකම් කරනවා කියන එකයි විසි කරපු ගලක් ඇහිඳගන්නවා කියන එකයි අතරෙ ලොකූ වෙනසක් තියෙනවා. ගලක් වුනත් විසි කරද්දි බලාගෙන. වෙන කෙනෙක් ඇහිඳගෙන ඔපමට්ටම් කරලා මැණිකක් කරලා ගන්න පුළුවන්. හැබැයි ඊට පස්සෙ ලෝබ හිතිලා ආයෙ ඕනෙ ගගා හොයන්න යන්න එපා... එහෙම උනොත් උදුරගත්තා වෙන්නෙ එයා නෙවෙයි ඔයා.... ඒක නිසා ඊලඟ පාර පරිස්සමෙන් විසිකරන්න... හරි වටිනාකම දෙන තැන නතර උනොත් ආයෙ ලැබෙන එකක් නෑ..."
මෙම සටහනත් එක්කම බොහෝ දෙනෙක්ගේ හිතේ ලොකු ප්‍රශ්නාර්ථයක් මතු වෙලා තියෙන්නේ "මේ සුහන්දි ඉඟි කරන්නේ කාටද? ඇය ඇහිඳගෙන මැණිකක් කරගත්තු ඒ වටිනා ගල කවුද?" කියන කාරණය ගැනයි. රසිකයින් අතර මේ ගැන නොයෙකුත් කටකතා පැතිරෙන්න පටන් අරන්.
අලුත් ආදර කතාවක ඉඟියක්ද? කෙනෙක් කිසිම අගයක් නැතුව අතහැරලා දාපු කෙනෙක්ව සුහන්දි බාරගෙන, ඒ බැඳීමට නිසි වටිනාකමක් දීලා ඔපමට්ටම් කරගෙන ඉන්නවා කියන එකද මේ වක්‍රාකාරව කියන්නේ?
කලා ක්ෂේත්‍රයේ ගැටුමක්ද? එහෙමත් නැත්නම් වෙනත් කෙනෙක් අතහැර දමපු නිර්මාණයක්, චරිතයක් හෝ අවස්ථාවක් ඇය බාරගෙන ඒක අතිසාර්ථක කරගත්තු එක ගැන කියනවා වෙන්නත් පුළුවන්.
කොහොම වුණත්, හරි වටිනාකම දෙන තැන නතර වුණොත් ආයේ ලැබෙන එකක් නෑ කියලා ඇය දීලා තියෙන අනතුරු ඇඟවීම නම් කාට හෝ එල්ල කරපු ප්‍රබල ප්‍රහාරයක් බව පැහැදිලියි. මේ ඇහිඳගත්තු මැණික ගැන ඇත්තම කතාව ඉදිරියේදී එළියට එනකම් රසිකයින්ට තවත් ටික කාලයක් බලාගෙන ඉන්න සිද්ධ වේවි!