මෙන්න මේ සිදුවීමට අදාළව ලොකු අලුත්ම ආරංචියක් වාර්තා වෙනවා. ඒ තමයි, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි එම වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයාව අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබීම.
පසුගිය 03 වැනිදා සන්ධ්‍යාවේ තමයි මේ දරුණු ඛේදවාචකය සිද්ධ වුණේ. සාමාන්‍ය විදිහට ගෙවිලා ගිය සන්ද්‍යාවක් එකපාරටම මරණ බියෙන් සලිත වුණේ මුළු පළාතම දුමෙන් වැසිලා යද්දී. ගින්න හටගන්නා අවස්ථාවේදී මේ නිවාසය ඇතුළේ අසරණ වයෝවෘද්ධ වැඩිහිටියන් 72 දෙනෙක් රැඳිලා ඉඳලා තියෙනවා.
ඒ අය අතරින්,
කාන්තාවන් - 37 දෙනෙක්
පිරිමි පුද්ගලයින් - 35 දෙනෙක්
ගින්නෙන් බේරෙන්න බැරුව, කාගේත් පිහිටක් නැතුව අසරණ වුණු වැඩිහිටියන් 13 දෙනෙකුටම තමන්ගේ ජීවිතවලින් සමුදෙන්න සිද්ධ වුණේ මුළු රටේම නෙතට කඳුළක් එක් කරමින්.
මේ වගේ විශාල පිරිසක් මියයාම සහ ආරක්ෂක විධිවිධාන පිළිබඳව නැගුණු ප්‍රශ්නත් එක්ක වහාම ක්‍රියාත්මක වුණු පොලිසිය, නිවාසයේ අධ්‍යක්ෂවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් අලුත්ම වාර්තාවලට අනුව ඔහුව ඇප මත මුදාහැරීමටයි කටයුතු කර තිබෙන්නේ.
ගින්නට සැබෑ හේතුව මොකක්ද? එහිදී නිසි ආරක්ෂිත පියවර අනුගමනය කරලා තිබුණද? කියන එක ගැන තවමත් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
මේ සිද්ධියත් එක්ක ලංකාවේ තියෙන අනෙකුත් වැඩිහිටි නිවාසවල සහ පොදු ස්ථානවල ගිනි ආරක්ෂණ ක්‍රමවේදයන් කොයිතරම් දුරට තියෙනවාද කියන එක ගැන සමාජ මාධ්‍ය පුරා ලොකු කතාබහක් සහ විවේචනයක් මේ වෙද්දී ඇතිවෙලා තිබෙනවා. අසරණ වුණු මේ වැඩිහිටියන්ගේ ජීවිතවල වගකීම භාරගන්නේ කවුද කියන එකයි හැමෝම අහන ප්‍රශ්නය වෙලා තියෙන්නේ.