පුංචි තිරයෙන් වගේම සිනිමාවෙන්ද තමන්ගේ දක්ෂතාවලින් ප්‍රේක්ෂකයින් වසඟයට ගත් ඇය, සමාජ මාධ්‍ය හරහාත් නිතරම ප්‍රේක්ෂකයින් සමඟ සමීපව කටයුතු කරනවා.
තමන්ගේ ජීවිතයේ සුන්දරම සහ ආදරණීයම මතකයන් ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්න අමතක නොකරන උදාරි, ඔන්න මේ පාරත් හරිම ලස්සන, හිතට දැනෙන ඡායාරූප එකතුවක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
ඇත්තටම ඇය මේ පින්තූරවල සිටියේ වෙන කවුරුත් එක්ක නෙමෙයි, ඇගේ ආදරණීය පුංචි දියණියත් එක්කයි. තමන්ගේ එකම දියණිය වෙනුවෙන් ඇය මේ ඡායාරූප සමඟ මුහුණු පොතට එකතු කර තිබූ ඒ ආදරණීය සටහන ඕනෑම කෙනෙකුගේ හිත සංවේදී කරවන සුළුයි..
"ඔයා දැන් ඔයාගේම ගමනක් සොයාගෙන, ඔයාගේම පියාපත් විහිදාගෙන ඉගිලෙන්න ඉගෙන ගන්නවා. ඒ හැම පියවරකදීම මම සතුටින් ඔයාට අත්පොළසන් දෙමින් ඉන්නවා. ඔයාගේ වර්ධනයට මම කවදාවත් බාධාවක් වෙන්න කැමති නැහැ. මට ඕන එකම දේ, ජීවිතය ඔයාව කොතැනකට රැගෙන ගියත්, 'අම්මා' කියන්නේ හැමදාම ඔයාට ආරක්ෂිතම තැන, සැනසිල්ලේ නවාතැන කියලා ඔයා මතක තියාගන්න එකයි..."
අම්මා කෙනෙකුගේ පපුවේ තියෙන සැබෑ ආදරයත්, දියණියගේ අනාගතය වෙනුවෙන් ඇති සුභපැතුමත් කැටිවුණු ඒ සුන්දර ඡායාරූප එකතුව ඔබත් බලන්නකෝ...
