ඇගේ සුන්දර රූපයට වගේම රංගන කුසලතාවයටත් ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුම ආදරයක්. මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ උදාරි ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක් ගැනයි.
හැමදාමත් වගේ හරිම ලස්සන, ආකර්ෂණීය පෙනුමකින් යුක්තව ගත්තු මේ ඡායාරූපවලට ප්‍රේක්ෂකයින්ගෙන් ඉහළම ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇගේ සුන්දරත්වය මේ ඡායාරූපවලින් තවත් කැපිලා පේනවා කියලා තමයි බොහෝ දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ.
ෆොටෝ ටික කොච්චර ලස්සන වුණත්, ගොඩක් අයගේ අවධානය ගියේ ඇය ඒ ඡායාරූපවලට යොදලා තිබුණු සටහනටයි.
“A relationship is optional. Confidence is essential”
එහෙමත් නැත්නම් "ආදර සම්බන්ධතාවයක් කියන්නේ විකල්පයක් විතරයි, හැබැයි ආත්ම විශ්වාසය කියන්නේ අත්‍යවශ්‍යම දෙයක්" කියන ගැඹුරු අදහස තමයි ඇය එහි සටහන් කරලා තිබුණේ.