Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
18
මෙසී එදා නාවපු බිලිඳා අද රන් කුසලාන 5ක් දිනූ දැවැන්තයෙක් වෙලා.. අන්ත අසරණව සිටි පවුලක දරුවා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මෙසීව හමුවන සැබෑ කතාව

- මෙසී එදා නාවපු බිලිඳා අද රන් කුසලාන 5ක් දිනූ දැවැන්තයෙක් වෙලා.. අන්ත අසරණව සිටි පවුලක දරුවා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මෙසීව හමුවන සැබෑ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

280 Views

පාපන්දු ලෝකයම උඩුයටිකුරු කරමින්, සර්වකාලීන ශ්‍රේෂ්ඨතම පාපන්දු රජු ලියොනල් මෙසී සහ ඔහුගේ කිරුළේ නියම උරුමක්කාරයා ලෙස සැලකෙන ලැමීන් යමාල්, එළඹෙන ඉරිදා ලෝක කුසලාන අවසන් මහා තරගයේදී මුහුණට මුහුණ ලා මහා සටනකට සූදානම් වෙනවා.


39 වැනි වියේ පසුවන මෙසීගේ නොපසුබට උත්සාහයත්, යන්තම් 19 වැනි වියේ පසුවන යමාල්ගේ අතිශය දුර්ලභ මුල් කාලීන දක්ෂතාවයත් නිසාමයි මේ වගේ ලෝක ඉතිහාසගත මහා ගැටුමකට වේදිකාව සකස් වුණේ.

හැබැයි මේ දෙන්නා ජීවිතේ පළමු වතාවට මුණගැහෙන්නේ පිටිය ඇතුළේදී නම් නෙවෙයි.. මීට වසර 19කට පෙර, ඒ කියන්නේ 2007 වසරේදී, 20 හැවිරිදි මෙසී බාර්සිලෝනා කණ්ඩායමේ නැගී එන තරුවක් වෙද්දී, ලැමීන් යමාල් කියන්නේ මාස පහක පුංචිම පුංචි කිරි කැටියෙක්.

මේ දෛවෝපගත හමුවීම කැමරා කාචයට හසුකරගත්තු ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පී ජෝන් මොන්ෆෝර්ට් (Joan Monfort) බීබීසී ස්පෝර්ට්ස් වෙත පවසා තිබුණේ, "මේක චිත්‍රපටයක තිර පිටපතක් විදිහට ලිව්වා නම් කවුරුවත් විශ්වාස කරන්නේ නැති තරම් අදහාගත නොහැකි, දෛවයේ සැබෑ ආශ්චර්යයක්" කියායි.

එදා මේ අපූරු ඡායාරූපය අරන් තිබුණේ බාර්සිලෝනා හි කැම්ප් නූ ක්‍රීඩාංගණයේ ඇඳුම් මාරු කරන කාමරයකදීයි. මොරොක්කෝ සහ සමක ගිනියා රාජ්‍යයන්ගෙන් කැටලෝනියාවට සංක්‍රමණය වුණු අන්ත අසරණ දුප්පත් පවුලක උපන් ලැමීන් යමාල්ගේ දෙමාපියන්, 'ස්පෝර්ට්' පුවත්පත සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානය එක්ව සංවිධානය කළ පුණ්‍ය දින දර්ශනයක දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කරලයි මේ අවස්ථාව ලබාගෙන තිබුණේ.

අහඹු ලෙස මොවුන්ට ඡායාරූප ගැනීමට ලැබුණේ මෙසී සමඟයි. ඡායාරූප ශිල්පියා පවසන විදිහට එදා මෙසී කියන්නේ හරිම ලැජ්ජාශීලී, ඇතුළට වෙලා ඉන්න චරිතයක්. "ඇඳුම් මාරු කරන කාමරයට ආපු මෙසීට, හිටිහැටියේම මේ පුංචි බබා එක්ක ෆොටෝ ගන්න වුණාම මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව එයාගේ මූණ වෙනස් වුණා. මෙසීට බබෙක් වඩාගන්නේ කොහොමද කියලවත් එදා අදහසක් තිබුණේ නැහැ. හැබැයි ලැමීන් කියන්නේ එදා ඉඳන්ම හරිම සිනහවෙන් පිරුණු සතුටුදායක දරුවෙක්." මොන්ෆෝර්ට් එදා මතකය අවදි කරමින් පවසා තිබුණා.

වඩාත්ම පුදුම දේ, 2024 දී යමාල්ගේ පියා "පුරාවෘත්තයන් දෙදෙනෙකුගේ ආරම්භය" කියා මේ පින්තූරය ඉන්ස්ටග්‍රෑම් දැමීමට පෙර, තමන් එදා නෑවුවේ ලෝකයම හොල්ලන ලැමීන් යමාල්ව කියලා ඡායාරූප ශිල්පියා පවා දැනගෙන හිටලා නැහැ..

ලියොනල් මෙසී තමන්ගේ 19 වැනි උපන්දිනය සමරන විට ලබාගෙන තිබුණේ වෘත්තීය ගෝල 11ක් පමණයි. ඒ වගේම ඔහු දිනා තිබුණේ ලා ලිගා සහ චැම්පියන්ස් ලීගය එක් වරක් බැගින් පමණයි. නමුත්, සඳුදා දිනයට වයස අවුරුදු 19ක් සම්පූර්ණ වන ලැමීන් යමාල් මේ වනවිටත් දැවැන්ත ගෝල 56ක් ලබාගෙන, තුන් වතාවක් ලා ලිගා ශූරතාවයත්, කෝපා ඩෙල් රේ කුසලානයත්, පසුගියදා ස්පාඤ්ඤයට යුරෝ 2044 (Euro 2024) කිරුළත් දිනා දෙමින් රන් කුසලාන 5ක්ම තමන් සතු කරගෙන අවසන්.

ඇත්තටම "යමාල්" කියන්නේ ඔහුගේ වාසගම නෙවෙයි, ඔහුගේ මුල් නම් දෙකෙන් දෙවැන්නයි. ඔහුගේ සම්පූර්ණ නම ලැමීන් යමාල් නාරාවුයි එබානා (Lamine Yamal Nasraoui Ebana). ඔහු මේ නම ජර්සිය පිටුපස පාවිච්චි කරන්නේ තමන් උපන් කාලයේ බිල්පත් ගෙවාගන්නවත් සල්ලි නැතිව අන්ත අසරණව සිටි තම පවුලට මූල්‍යමය වශයෙන් උදව් කළ තාත්තාගේ හොඳම මිතුරන් දෙදෙනාට උපහාරයක් විදිහටයි. අරාබි භාෂාවෙන් ලැමීන් යනු "අවංක/විශ්වාසවන්ත" යන්නයි. යමාල් යනු "අලංකාරය" යන්නයි.

බාර්සිලෝනා සිට සැතපුම් 20ක් ඈතින් පිහිටි, සංක්‍රමණිකයන් බහුල කම්කරු පන්තික රොකාෆොන්ඩා අසල්වැසි ප්‍රදේශයේ හැදී වැඩුණු යමාල්, අදටත් තමන් ගෝල ලබාගන්නා හැම විටම තම ඇඟිලිවලින් "3-0-4" (තම ගමේ තැපැල් කේතය) සලකුණ පෙන්වමින් තමන් ආපු දුෂ්කර ගමන ලෝකයටම මතක් කර දෙනවා.

"අම්මයි තාත්තයි මාව මේ තැනට ගේන්න කරපු කැපකිරීම් මට කවදාවත් සල්ලිවලින් ආපසු ගෙවන්න බැහැ" යමාල් සංවේදීව පවසා තිබුණා.

කොහොම වුණත්, එදා මේ දෙන්නව එකට තියලා පින්තූරය ගත්තු 58 හැවිරිදි මොන්ෆෝර්ට් පවසන්නේ දැන් මේ අපූරු කතාවේ පරිපූර්ණ අවසානය ළඟා වී ඇති බවයි. "මගේ හදවත දැන් කෑලි දෙකකට කැඩිලා තියෙන්නේ. බාර්සිලෝනා රසිකයෙක් විදිහට මෙසී දෙවැනි වතාවටත් ලෝක කුසලානය දිනලා විශ්‍රාම යනවා දකින්න මම කැමතියි. ඒ වගේම යමාල් මේ පුංචි වයසින් ලෝක කුසලානය දිනුවොත් ඒක එයාගේ ජීවිතේ වටිනාම දේ වේවි."
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top