හිරු හිතක මතක එක්ක කතාබහට එකතු වුණු ජනප්‍රිය ගායන ශිල්පී කවීශ කවිරාජ් මෙන්න මේ වගේ ඔහුගේ මතක කියලා තිබුනේ වෙනස් කතාවක්. කවීශ කවිරාජ් නම් මේ ගායන ශිල්පියා ආදරය හා විරහව තේමා කරගත්ත ගීත රැසක් ගායනා කරපු ශිල්පියෙක්..
මේ ආදරය කියන තේමාව ආදරය කියන මාතෘකාව ගත්තොතින් ඔබේ ගීතත් එක්ක ගත්තොතින් කොහොමද ඔබට ආදරය දැනෙන්නේ ?
"ඇත්තටම මගේ ගීත ආදරය හා විරහව ප්‍රධාන වෙලා ගීත බහුතරයක් තියෙන්නේ. නමුත් මං නියම කාලෙදි ආදරය ජය ලැබුවා. ඒ විවාහයෙන්ම, එතනත් පැය කිහිපයකට හරි තරහා වෙච්ච විරහවක් තියෙනවා. එක දවසකට හරි හමාරකට හරි.. එතකොට එතන වෙනම විරහවක් තියෙනවා ආයෙ යාළු වෙනකල්. එතකොට සදාකාලික තරහක් නෙවෙයි ඒක. එදිනෙදා ජීවිතයේ අඹුසැමි සොමි. ඉති මට විරහව හුරු නැහැ. නමුත් ඒක මම මගේ කරගෙන ඒ දුක මොකද්ද කියලා ඉතින් මගේ යාළු මිත්‍රයන්ගේ අත්දැකීම් පවා මට හිතාගන්න පුළුවන් කොහොමද බූට් එකක තරම කියලා. ඒක නිසා ඒක මම මගේ ගීතවලට බූට් එක කෑවා හා සමානව තමයි මම කියන්නේ."
යාළුවො මුහුණ දුන් අත්දැකීම් වලින් එහෙම විරහව තේරුම් ගත්තා කියලා කිව්වා නේ..ඒ වගේ අත් දැකීම් මොනවද තියෙන්නේ විශේෂ අත්දැකීම්..?
"පැරදුනාම සහ ආදරය දින්නම එක එක අය එක එක විදිහයි.. ඉතින් දුක දරාගන්න විදිහ එක එක අයගේ එක එක විදිහයි. සමහරු විරහව අනුස්මරණය කර කරත් ආතල් එකක් ගන්නවා. ඒ කියන්නේ දුක මතක් කර කර ඒකෙනුත් පොඩි ආස්වාදයක් ලබනවා. ඒ කියන්නේ ඒ විරහවත් අපි දැකලා තියෙනවා. අහලා තියෙනවා ඉතින් මේක ලෝකයේ පවතින එකක්.."
අර වේරලියද්ද මහත්තයාගේ සින්දුවකත් තියෙනවා නේද "දුකද කොයිතරම් සතුටක් වේදෝ" කියලා.
"අන්න ඒක තමයි මං කියන්න උත්සහ කළේ. සමහරු ඒක මතක් කරලත් යම්කිසි සතුටක් ලබනවා. වේදනාවක් තමයි ඒක නමුත් ඒකෙනුත් යම් සතුටක් ලබනවා. මං දන්න තරමට.."
කවීෂ අයියගේ ආදරය මුණ ගැහෙන්නේ පාසල් කාලයේදීම නේ.. පාසල් කාලයේදී ගොඩක් වේලාවට අවසාන පේළියේ ඉන්න ශිෂ්‍යයෝ ගොඩක් වෙලාවට ජීවිතේ දිනපු අය කියලා මං අහලා තියෙනවා.
ඔබත් සිටියේ අවසාන පේළියේ ඔබ හා අවසාන පේළියේ හිටපු අයත් එක්ක ගත්තම අද ඔබ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ..?
"ඇත්තටම මම අවසාන පේළියට යනවා. අවසාන පේළියෙත් මං ඉඳලා තියෙනවා. නිත්‍ය සාමාජිකයෙක් නෙවෙයි. මම මැද පේළියේ තමයි ගොඩක් වෙලාවට හිටියේ. හැබැයි මුල් පේළියේ ඉන්නවට වැඩිය මැද පේළියේ ඉන්න එක ආසා කරා අවසාන පේළියට යනවා එහෙම සින්දු කියන්න ඕන උනාම.. ඇත්තටම ඔයා කිව්වාවගේ මම ඉන්න තැන ගැන මට සතුටුයි. මගේ මිත්‍රයිනුත් හොඳ තැන්වල ඉන්නවා. සමහර අය හම්බුණේ නෑ ඉස්කෝලේ කාලෙන් පස්සේ අද වෙනකල්.. ඔයා කිව්වා හරි අන්තිම පේළිවල හිටපු අයත් ජීවිතය ජය ගෙන තිබෙනවා ඉස්සරහ පේළිවල හිටපු අයත් ජීවිතය ජය ගෙන තිබෙනවා. පිටිපස්සේ ඉන්න අය පිටිපස්සේ හිටියට සබ්ජෙක්ට් වශයෙන් ගොඩ දාගත්තේ නැත් වුණාට ජීවිතය ගොඩ දාගෙන තියෙනවා."
ඔබ ජීවිතය ගොඩ දාගත්තේ සංගීත කණ්ඩායමක ගායන ශිල්පියෙක් විදිහට සම්බන්ධ වෙනව ඊට පස්සේ ඔබ තනි ගායකයෙක් විදිහට ගමනක් යනවා. දැන් මේ වෙද්දී වසර ගණනාවක් ඔබේ ජනප්‍රිය ගීත ගණනාවක් සංගීත ක්ෂේත්‍රයට දායාද කරලා තියෙනවා.
මේ ආපු ගමනේ සංගීත කණ්ඩායමක වැඩ කරද්දී විශේෂයෙන්ම අමතකම නොවන සිදුවීම මොකද්ද ?
"එක්තරා ප්‍රදේශයක ප්‍රසංගයක ඇත්තටම ඒක නිවේදකයාගේ තිබෙන කලබලකාරී බව නිසා සිදුවුණු දෙයක් තමයි කියන්නේ.. ක්‍රවුඩ් එක හොඳටම පැක් වෙලා ඉන්න තැනක පොලිසියේ මහත්වරු ඇවිල්ලා නවත්තන්න කියන මොහොතකදී විනාඩි 5ක 10ක නන්ස්ටොප් එකක් ප්ලේ කරලා නවත්තන පසුබිමක් තිබියේදී නිවේදන ශිල්පියා කලබල වෙලා එකපාරටම ප්‍රසංගය මෙතනින් ඉවරයි කියපු මොහොතක ක්‍රවුඩ් එක කොහොමද හැසිරුණේ කියලා ස්පීකර්ස් ටික බිම වැටුණ විදිහ, වේදිකාව ගාව තියෙන වාඩිවෙල ඉන්න පුටු වලින් දමාගසන විදිහ , සංගීත බඩු ඩැමේජ් වෙන විදිහ ඇස් දෙකෙන් දැක්කා. ඒක ඉතින් සාමාන්‍යයෙන් සංගීත ක්ෂේත්‍රයේ මං හිතන්නෑ ගායකයෙක්වත් කලාකරුවෙක්වත් එහෙම දෙයක් ප්‍රාර්ථනා කරනවා කියලා ඉතින් ඒක දුක දෙයක් ඒකම තමයි මතක් වෙන්නේ."
ඉතින් හෙට දිනයේ (18) වෙනිදා ලංකාවේ දැවැන්තම සංගීත අත්දැකීම විඳගන්න අවස්ථාව ලැබෙනවා. හොරණ නගරසභා ක්‍රීඩාංගනයට ආවොතින් හිරු 28 වන සංවත්සරය සමගාමීව හිරු මෙගා බ්ලාස්ට් ප්‍රාසාංගික අත්දකීම විඳගන්න ඔබට අවස්තාව ලැබෙනවා.
කවීෂ අයියේ ඔබත් මේ වේදිකාවේ පායන තරුවක් ඒ අත්දැකීම ඔබට වසර ගණනාවක් මේ ප්‍රසංගයට සහභාගී වෙලා තිබෙනවා. හිරු මෙගා බ්ලාස්ට් එකේ ඔබ දක්ලින විශේෂත්වය මොකද්ද?
"මම අවුරුදු 4 කින් වගේ තමයි මෙගා බ්ලාස්ට් වේදිකාවට අඩිය තියන්නේ මම ඉස්සර අවුරුදු කිහිපයක්ම එකදිගට මේ ප්‍රසංගයත් එක්ක සම්බන්ධ වෙලා හිටියා. මේ ප්‍රසංගයේ මම දකින විශේෂත්වය විදිහට මම දකින්නෙත් අදාල කාලයේ අදාල දේ අදාල විදිහට කරන ආයතනයක් විදිහට සංගීතමය වශයෙන් අවුරුදු ගානක් ඒක රැකගෙන එනවා. මෙගා බ්ලාස්ට් එක මෙගා බ්ලාස්ට් එකක්ම බව ඔප්පු කර කර තාම එනවා. ඒක මරු."
ඒ තියෙන ප්‍රමිතිය ගැන ඔබේ අදහස් මොකද්ද?
"ප්‍රමිතිය ඒ කියන්නේ සුපර්..ප්‍රමිතිය සුපර් ඒක කෙටියෙන් කිව්වොත් ඒ කියන්නේ දැවැන්ත ගතිය ඒ කියන්නේ හැම තැනකින්ම ඒ කියන්නේ සවුන්ඩ්ස් ද ලයිට්ස් ද එල් ඒඩී වෝල් එක ද, ඒ අදාල කාලයේදී සිලෙක්ට් කරගන්න ආටිස්ලාද, ඒ ක්‍රවුඩ් එක මේන්ටේන් කරන් විදහද සංවිදානයද, හැම අවුරුද්දම නොනවත්වා මේ කිරුළ අරගෙන යන එකද හැම එකම සුපර්."
කලාකරුවෙක් විදිහට මෙගා බ්ලාස්ට් වේදිකාවට නගින්න ලැබෙන අවස්තාව ගැන මොකද හිතෙන්නේ..?
"මේක ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට මේක ඩ්‍රීම් එකක්.. ඉතින් ඒක වාසනාවක් විදිහට තමයි මං දකින්නේ.. මම විතරක් නෙවෙයි සමස්ථ ගායන ශිල්පීන් හැමෝම එහෙම තමයි.
සංගීත කණ්ඩායමක් වුණත් හිරු මෙගා බ්ලාස්ට් ප්ලේකරන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ජීවිතේ ලොකු ජයග්‍රහණයක් විදිහට තමයි දකින්නේ.."
අපිට එදාට ඔබගේ ගීත කිහිපයක්ම අහන්න ලැබෙයි නේද?
"ගීත කිහිපයක්ම අහන්න ලැබෙනවා. ඉතින් එන්න කියලා තමයි ආරාධනා කරන්නේ.. රාත්‍රී 8 වෙනකොට කලින්ම ඇවිල්ලා ඉන්න. අපි එදාට හමුවෙමු."