මැදපෙරදිග කලාපයේ ඇති වෙලා තියෙන දරුණු යුද අර්බුදයත් එක්ක, ලෝකයේ ලොකුම සල්ලිකාරයෝ ඉන්න ඉන්දියානු කෝටිපති පවුල් තමන්ගේ දුවල පුතාලගේ ‘සුපිරි මංගල උත්සව’ (Destination Weddings) පවත්වන්න ලෝකයේ තියෙන හොඳම සහ ආරක්ෂිතම තේරීම විදිහට අපේ ශ්‍රී ලංකාව තෝරගෙන තියෙනවා කියලා වාර්තා වෙනවා!
ජාත්‍යන්තර මංගල සැලසුම්කරණ ආයතනයක් වන WedMeGood ආයතනය නිකුත් කරපු ‘2026 Destination Wedding’ අලුත්ම වාර්තාවට අනුව, මේ වෙනකොට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන සුපිරි මංගල ගමනාන්තය බවට පත්වෙලා තියෙන්නේ ලංකාවයි.
පසුගිය වසරට සාපේක්ෂව ඉන්දීය ධනවතුන් අතර ලංකාවට තියෙන මේ මංගල ඉල්ලුම 25%කින් පුදුමාකාර විදිහට වැඩි වෙලා තියෙනවලු. ඉන්දියාවට ඉතාම කිට්තු වීම, ලංකාවට එන්න තියෙන පහසුව, අපේ රටේ තියෙන සුඛෝපභෝගී හෝටල් සේවාවන් සහ නිදහස් අලංකාර වෙරළ තීරයන් මේකට ප්‍රධානතම හේතු වෙලා තියෙනවා.
පහුගිය පෙබරවාරි මාසයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරපු ප්‍රහාරත් එක්ක මුළු මැදපෙරදිග කලාපයම දැඩි අවිශ්වාසයක සහ යුද බියක ඉන්නේ. ඉතින් මීට කලින් ඉන්දියානුවන්ගේ පළමු තේරීම වුණු ඩුබායි වෙනුවට, දැන් හැමෝම ආරක්ෂිතම විකල්පය විදිහට ශ්‍රී ලංකාව දෙසට හැරෙමින් පවතිනවා.
"ගුවන් ගමන් ගාස්තු ඉහළ යාම සහ කලාපීය අස්ථාවරත්වය නිසා ඉන්දීය පවුල් සහ වෙඩින් ප්ලෑනර්ස්ලා දැන් ඩුබායි අතඇරලා, වඩාත් ආරක්ෂිත සහ ගුවන් ගමන් පහසුකම් සපිරි ශ්‍රී ලංකාව තෝරා ගන්නවා..."
TailorMade Experiencesහි ප්‍රධානී, ශෂාන්ක් ගුප්තා මේ ගැන කිව්වේ අන්න ඒ වගේ කතාවක්.
කොහොම වුණත් මැදපෙරදිග අර්බුදය අස්සේ ලංකාවේ සංචාරක ව්‍යාපාරයට වගේම ආර්ථිකයටත් මේක ලොකු ආශිර්වාදයක් වෙන එක නම් නිසැකයි. කෝටිපති ඉන්දියානුවන්ගේ මීළඟ මංගල පාරාදීසය දැන් ලංකාව වේවි යන සිහිනය ඇත්තටම ඉදිරියේදී සැබෑවක් වේවිද..?