ඒත් සියවස් එකහමාරකට ආසන්න කාලයක් මේ ලෝකේ ජීවත් වෙලා, තමන්ගේ පස්වැනි පරම්පරාවත් ඇස් දෙකෙන් දැකපු වාසනාවන්ත මවක් ගැන අහන්න ලැබුණොත් ඔයාටත් පුදුම හිතේවි.
ලංකාවේ වයස්ගතම කාන්තාව විදිහට ඉතිහාසයට එක්වෙලා හිටපු ඒ ආදරණීය මව, වයස අවුරුදු 114ක් ආයු වළඳලා පෙරේදා උදෑසන ඇගේ දිගු ජීවන ගමනට සමුදීලා තියෙනවා.
රඹෑව, සංගිලිකනදරාව, ඩී.එස්. සේනානායක මාවතේ පදිංචිව හිටපු ‘පුංචාගේ කළුමැණිකා’ මෑණියන් තමයි මේ විදිහට මුළු රටක්ම සංවේදී කරමින් ජීවන ගමනින් සමුගත්තේ. ලංකාවේ සමාජය කාලෙන් කාලෙට වෙනස් වුණු හැටි, යුග ගණනාවක පෙරළි මේ මෑණියන් තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.
දරුවන් 12යි! මුණුබුරු මිනිපිරියන් 325යි!
ඇය ඇත්තටම දිරිය මාතාවක්. දරුවන් 12 දෙනෙකුට මේ ලෝකය දකින්න වාසනාව උදා කරලා දීපු කළුමැණිකා මෑණියන්, මියයන වෙලාව වෙද්දී තමන්ගේ පස්වැනි පරම්පරාව දක්වාම දරු මුණුබුරන් දැකබලාගෙන ඉවරයි. ඇගේ පවුලේ දරු, මුනුබුරු, මිනිපිරියන් ඔක්කොම 325කට අධික අතිදැවැන්ත පිරිසක් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ. ඒ හැමෝගෙම ආදරේ, සෙනෙහස වගේම ඉහළම ගෞරවය මැද තමයි ඇය ඇගේ අවසන් කාලය ගතකරලා තියෙන්නේ.
මුළු ප්‍රදේශයටම ලොකු අඩුවක් කරමින් ජීවිතෙන් සමුගත් මේ ආදරණීය කළුමැණිකා මෑණියන්ට උතුම් නිවන් සුව අත්වේවා කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු!