ඇයගේ නිසල සිරුර, ඇය තනිවම ජීවත් වුණු කුලී නිවසක් තුළ තිබී හමුවීමත් සමඟ මුළු ප්‍රදේශයම දැඩි කම්පනයකට පත්වෙලා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රී කුරේ නැමැති 26 හැවිරිදි අවිවාහක තරුණියක්.
ඇය පානදුර උතුර, ගල්කණුව පාර ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක තනිවම වාසය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිය නීති උපාධිය හදාරමින් සිටි බවයි තොරතුරු වාර්තා වෙන්නේ. අධ්‍යාපන කටයුතුවලට අමතරව ඇය නීතිඥවරයෙකු යටතේ අතිරේක වශයෙන් අධිකරණ කටයුතුවලට ද සම්බන්ධ වෙමින් සේවය කර තිබෙනවා. ඇයගේ මේ හදිසි වියෝවත් සමඟ ඇයව හඳුනන බොහෝ දෙනෙක් දැඩි කම්පනයට පත්ව සිටිනවා.
නඳුනි ජීවත් වුණු කුලී නිවස තුළින් ඇයගේ සිරුර හමුවන විටත්, මේ මරණය සම්බන්ධයෙන් දැඩි අභිරහස් ස්වභාවයක් මතුවී තිබෙනවා. ඇය තනිවම ජීවත් වීම නිසා, ඇත්තටම මේ නිවස තුළ සිදුවුණේ කුමක්ද යන්න විශාල ගැටලුවක්.
මෙය කිසියම් හේතුවක් මත ඇය විසින්ම කරගත් සියදිවි හානිකරගැනීමක්ද, එහෙමත් නැත්නම් පිටස්තර පුද්ගලයෙකුගේ මැදිහත්වීමෙන් සිදුවූ අපරාධයක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් දැඩි සැකයක් මතුවී තිබෙනවා. මේ අභිරහස විසඳීම සඳහා පානදුර උතුර පොලිසිය සහ පානදුර කොට්ඨාස ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
තරුණ ජීවිතයක හදිසි නිමාව පිටුපස ඇති ඇත්තම කතාව කුමක්ද යන්න නීතිය හමුවේ ඉක්මනින්ම අනාවරණය වනු ඇති.