නවීන තාක්ෂණය එක්ක අද එය බොහෝ අම්මලාට හැකි තරම් සුවපහසුව ඒ මොහොත ගෙවා දැමීමට විශාල පිරිසකගේ සහය අවශ්‍යයි.
ඒත් ඇය ඒ අභියෝගයට මුහුණදෙන්නේ තනිවමයි. මේ කතාව විශේෂ වෙන්නේ අන්න ඒ නිසා කියලා කියන්න පුළුවන්. ශාන්තිකර සාගර රළ මධ්‍යයේ ස්වභාවිකව දරුවෙකු බිහි කළ 37 හැවිරිදි ජර්මානු ජාතික මවක් පිළිබඳ පුවතක් මේ වන විට ලොව පුරා දැඩි අවධානයට ලක්ව තිබෙනවා.
ජොසී පියුකර්ට් (Josy Peukert) නමැති මෙම මව සහ ඇයගේ සහකරු වන බෙනී (Benny), තම සිව්වැනි දරුවා මෙලොවට බිහි කිරීම සඳහා තෝරාගෙන තිබුණේ නිකරගුවාවේ පිහිටි සුන්දර 'ප්ලයා මජාගුවා' (Playa Majagua) මුහුදු වෙරළයි.
මෙම අසාමාන්‍ය ප්‍රසූතිය සඳහා ඔවුන් සූදානම් කරගෙන ගොස් තිබුණේ තුවා කිහිපයක්, ගෝස් (gauze) රෙදි කැබලි සහ වැදෑමහ එකතු කර ගැනීම සඳහා කුඩා බඳුනක් වැනි ඉතා සරල ද්‍රව්‍ය කිහිපයක් පමණක් බවයි විදෙස්මාධ්‍ය වාර්තා කරන්නේ.
පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජොසී ප්‍රකාශ කළේ ප්‍රසූති වේදනා මතු වන අවස්ථාවේදී මුහුදු රළෙහි රිද්මය තමන්ට මහත් සහනයක් සහ සැනසීමක් ගෙන දුන් බවයි. ාවසානයේ ඇය කිසිදු සංකූලතාවයකින් තොරව සෞඛ්‍ය සම්පන්න පිරිමි දරුවෙකු බිහි කිරීමට ඇයට හැකි වූ අතර, ඔවුහු එම බිළිඳා 'බෝධි අමෝර්' (Bodhi Amor) ලෙස නම් ලබාදී තිබුණා. ප්‍රසූතියෙන් පසු ඔවුන් වහාම විවේක ගැනීම සඳහා සිය නිවස බලා ගොස් තිබෙනවා.
රෝහල් මට්ටමේ බර කිරන උපකරණ නොමැති වීම නිසා, ඔවුන් දරුවාගේ බර මැන තිබුණේ නිවසේ තිබූ ගමන් මලු කිරන තරාදියක් (luggage scale) ආධාරයෙනි.
'Freebirthing' හෙවත් කිසිදු වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ස්වභාවිකව දරුවන් බිහි කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් ජොසී ගත් මෙම නිර්භීත මෙන්ම ආන්දෝලනාත්මක තීරණය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ කතාබහට ලක්ව තිබුණා.
කෙසේ වෙතත්, වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි ක්‍රියාවන්හිදී අනපේක්ෂිත හදිසි වෛද්‍ය තත්ත්වයන් මතු වුවහොත් මවගේ සහ දරුවාගේ ජීවිත දැඩි අවදානමකට ලක් විය හැකි බවයි.

