Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
08
"තව මාස තුනකින් මාව පෝරුවට නග්ගන්න හිටිය තාත්තා අද මට නැහැ..." රාගම රෝහලේදී අවසන් හුස්ම හෙළු ආදරණීය පියා ගැන නෙත් කඳුළින් තෙත් කරන සංවේදී සටහන මෙන්න.

- "තව මාස තුනකින් මාව පෝරුවට නග්ගන්න හිටිය තාත්තා අද මට නැහැ..." රාගම රෝහලේදී අවසන් හුස්ම හෙළු ආදරණීය පියා ගැන නෙත් කඳුළින් තෙත් කරන සංවේදී සටහන මෙන්න.Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

433 Views

පිය සෙනෙහස තරම් උතුම් වූ වෙනත් කිසිවක් මේ ලෝකයේ නොමැති තරම්ය.


තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙන පියෙකුගේ වියෝවක් යනු කුමන තරාතිරමක අයෙකුට වුවද දරාගත නොහැකි පාඩුවකි. පසුගියදා රාගම මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී (MICU) සිය අවසන් හුස්ම හෙළු ආදරණීය පියෙකු පිළිබඳව මුහුණුපොතේ පළ වූ සටහනක් මේ වනවිට බොහෝ දෙනෙකුගේ නෙත් කඳුළින් තෙත් කිරීමට සමත්ව තිබෙනවා.

තව මාස තුනකින් පමණ තමාව පෝරුවට නැංවීමට සිටි ආදරණීය පියා, කිසිදා නොඑන ගමන් යද්දී ඒ අසල සිටි දරුවෙකුගේ සිතේ ඇති වූ වේදනාව හා අසරණකම මෙම සටහනින් මනාව පිළිබිඹු වෙනවා. ජීවිතයේ සෑම ගැටලුවකටම වසර 37ක අත්දැකීම් තුළින් විසඳුම් දුන් පියාගේ හුස්ම පොද ක්‍රමයෙන් අඩුවෙමින් යන අයුරුත්, දැඩි සත්කාර ඒකකය තුළ ඇසුණු පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ඔහු සදහටම දෙනෙත් පියාගත් අයුරුත් එහි ඉතා සංවේදීව සටහන් කර තිබෙනවා.

දින 17ක් පුරාවට රෝහල්ගතව සිටි තම පියා රැගෙන ආ මෝටර් රථයෙන්ම ඔහු නොමැතිව, ඔහුගේ නිසල දේහය මෘතශරීරාගාරයේ තබා යළි නිවස බලා යාමට සිදුවීම දෛවයේ කෙතරම් නම් සරදමක්ද?

සමාජ මාධ්‍යයේ හුවමාරු වන එම සංවේදී සටහන සම්පූර්ණයෙන්ම පහතින්:

"උදේ ඉදන් මට නොසන්සුන් කමක් දැනුනා. හරිම බයක්. දොලහට අම්මා කෝල් කරල මට හොස්පිටල් එකට එන්න කිව්ව. කිව් සැනින් කඳුළු වැටෙද්දී හංසි අක්කාත් සමග කෝච්චියෙන් රාගම ගියා. ICU එකට පස්වරු දෙක වන විට ඇතුලු වෙද්දි තාත්තාගේ පපුව සෙමින් උස් පහත් වෙමින් තිබුනා. දොස්තර මහත්මයා ක්‍රමයෙන් අඩුවෙමින් යනවායැයි අම්මාට කියා තිබූ රුධිර පීඩනය 80/33 ලෙසින් මොනිටරයේ සඳහන් වී තිබුනා. තාත්තාගෙ ඇග සෙමින් ස්පර්ශ කරන විට සීතලව තිබුනා. ඒ ඒ සී එකට වෙන්නට ඇතැයි සිතමින් මම සිතසනසා ගත්තා. රුධිර පීඩනය සෙමින් අඩුවෙමින් යන බවත් කොයි යම් මොහොතක හද ගැස්ම නවතින බවත් එතෙක්ම ගසා තිබෙනා කිසිදු ජීවනාධාරක යන්ත්‍රයක් ගලවන්නට හිතනොදෙන බවත් තාත්තා බොහෝ ආදරය කල ඩොක්ට නාලක අම්මාට අද දහවලේදී කියා තිබුණා.

ඉතිං අම්මාත්, මමත්, නංගීත්, තරුශිත් ඇගේ අම්මාත්, හංසි අක්කත්, නදීශාන් අයියාත්, තමෝදුත් රාගම මහ ඉස්පිරිතාලයේ MICU එක ඉදිරිපස බැම්මට වාරු වී තාත්තා ප්‍රාතිහාර්යයක් වී හෝ සුවවන ලෙස හදවතෙහි එක් අර්ධයකින් සිතමිනුත්, තාත්තා පෘථිවියේ ජීවත් වූ හොදම මිනිසෙකුගේ කුලකයට අයත් වූ බැවින් හුස්ම අතෑරීමෙන් පසු හොද ආත්ම භවයකට සැපත් වේවා යනුවෙන් හවවතේ ඉතිරි අර්ධයෙන් සිතමිනුත් පැය තුනහතරක් ගෙවමින් සිටියා.

පස්වරු පහට රෝගීන් බැලීමට දෙන අවස්තාවේ තෙවැනුව මම තාත්තා අසලට ගියා. ඉතාමත් සිහින් නැග්මක් සහිතව යන්ත්‍ර මුහුණත තනි රේඛාවක් අදිමින් සිටියා. තාත්තාගෙ පපුව මතට අත තබා ඉතා උවමනාවෙන් සවිඤ්ඤාණයම එක්තැන්කර මනස ඒ අතට යොමු කල විට ඉතා සුලු හද ගැස්මක් දැනෙන බව මට දැනුනා. කිසිදු ප්‍රාතිහාර්යයක් සිදුනොවන බවත් මින් මතුවට තනිවම අපි තුන්දෙනාට ජීවිතයට මුහුණ දෙන්නට වන බවත්, ආයෙ රෑ කෑම වේලට තාත්තා නැති බවත්, අලුත් රැකියාවේ අභියෝගයන්ට, ගැටලු වලට එම ගැටලු අභියෝගයන්ට තිස් හත්වසරක් මුහුණ දී අත්දැකීම් ගත් පිලිතුරුමින් මතුවට නොලැබෙන බවත්, තව තුන්මසකට දිනයක් අඩුව එළැඹෙන දිනයේ පෝරුවට නග්ගවන්නට මගේ පසෙකින් තාත්තා නැති බවත් මට දැනෙමින් තිබුනා.

ICU එක ඇතුලේ කාර්‍ය මණ්ඩලයේ කිසිවකු හෝ දමා තිබූ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ තාත්තා සැනසීමෙන් යන ගමන යා යුතු බැවින් මම හඬක් නොනගා මෝදු වූ කඳුළු වැටෙන්නට නොදී තාත්තාගෙ හිස මුහුණ සිප, මදක් ඉදිමී තිබූ අත්ල මගේ අතට මැදිකරගෙන පපුව අතගා‚ අපි විසින් ඇති වෙන්නට පෙඩිකියු දමා කකුල් මිරිකා තිබූ තාත්තගේ ඒ දෙපා අවසන් වතාවට දෑතින්ම ස්පර්ශ කර මම පිටත් උනා.

මම එලියට යනවාත් සමඟම වාගෙ පස්වරු 5.20ට තාත්තාගෙ හුස්ම නැවතී තිබුනා. සජිතත්, සත්‍යාත්, දයානන්ද අක්කාත් අයියාත් පැමිණ සිටි අතර ඔවුන් අතරට වී ඇස් සෝදමින් මගේත් අම්මාගෙත් නංගීගෙත් කඳුළු වැගිරෙමින් තිබුණා. සැමවිට සියලු කාර්‍යක් පාහේ හතර දෙනාම එක්ව කල අපිට, අපගේ මුදුන් සමාජිකයාව අහිමි වී තිබුනා. හැමදෙයක්ම කිරීමට පෙර තාත්තගේ අදහස විමසන අපිට ඒ උපදෙස් අදහස් නොමැතිව ඉදිරි දින තුනක කටයුතු කළමනාකරණය කරන්නට ඉතිරි වී තිබුනා.

මදක් වැසිබර ඒ හැන්දෑවේ දින දාහතක් පුරා ගත කල දුශ්කර නමුත් කරදරයක් ලෙස නොහැගුන කාල පරිච්ඡේදය නිමකරමින් තාත්තාව රාගම මහ ඉස්පිරිතාලයේ මෘතශරීරාගාරයේ දමා, එද්දී තාත්තා එක්ක ආ කාර් රථයේ තාත්තා නොමැතිව අපි ගෙදර යමින් සිටියා."

සිය ආදරණීය පියාණන්ගේ වියෝවෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටින එම පවුලේ සැමට මේ දුක දරාගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි අප ද ප්‍රාර්ථනා කරමු. තාත්තාට අමා මහ නිවන් සුව!

මුහුණුපොත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top