තෙල්දෙණිය සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, අද උදෑසන යාපනය ප්‍රදේශයේදී බවයි පොලිසිය පවසන්නේ.
වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුවයි ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සහ ඔහුගේ බිරිද වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් ගන්නා සුඛෝපභෝගී බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ ජි.පී.එස්. තාක්ෂණය පරික්ෂා කරමින් බස් රථය යාපනයට ළඟා වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවයි එම පොලිසිය සඳහන් කරන්නේ.
සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලද විගසම ඒ පිළිබඳව යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය පොලිසිය වෙත රැගෙන විත් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන විමර්ශන කටයුතු සිදු කරන බවත්, නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසුවා.
මේ අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර ඔහුගේ බිරිඳ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වාලගෙන සිට ඇති බව වාර්තා වෙන්නේ.
එසේම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, වව්නියාවේ සිට කුරුණෑගලට පැමිණ අනෙක් දරුවන් දෙදෙනා බලා පොලීසියට භාරවීමට සිටි ඇති බවයි..
සිද්ධිය සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ පූර්ණ අධීක්ෂණය මත සිදුවෙනවා.