දවසක ඔහු ඇයට පිටුපා ගියත්, මනුෂ්‍යත්වය පැත්තෙන් ගත්කළ එය උතුම් ක්‍රියාවක්.
තම රෝගී පෙම්වතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කිසිදු පැකිලීමකින් තොරව වකුගඩුවක් පරිත්‍යාග කළ තරුණියකට, අවසානයේදී එම පෙම්වතාගෙන්ම දැඩි සිත් රිදවීමක් සහ පාවාදීමකට මුහුණදීමට සිදුවූ සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කොලීන් ලේ (Colleen Le) නමැති මෙම තරුණිය, තම පෙම්වතා වූ ජොනීගේ (Johnny) වකුගඩු අකර්මණ්‍ය වී ඔහුගේ ජීවිතය දැඩි අනතුරකට ලක්ව ඇති බව දැනගත් වහාම ඇයගේ වකුගඩුවක් ඔහුට ගැළපේදැයි පරික්ෂා කර බලා තිබෙනවා. එහිදී ඇයගේ වකුගඩුව ජොනීට බද්ධ කිරීමට සියයට සියයක්ම ගැලපෙන බව තහවුරුවීමත් සමඟ ඇය ඉතා කැමැත්තෙන් ඇයගේ එක් වකුගඩුවක් ඔහුට පරිත්‍යාග කර ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළා.
ඒත්, මෙම සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ සැත්කමෙන් මාස කිහිපයකට පසු ජොනී, ලාස් වේගාස් (Las Vegas) නුවර සංචාරයක නිරත වී තිබෙනවා. එම සංචාරය අතරතුරදී ඔහු වෙනත් කාන්තාවක සමඟ සබඳතාවක් පවත්වමින් කොලීන්ට ද්‍රෝහි වූ බව පසුව ඇය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුණා.
එවැනි ද්‍රෝහිකමකින් දැඩි ලෙස කම්පනයට සහ සිත් තැවුලට පත් වුවද, කොලීන් තම ආදරය වෙනුවෙන් ජොනීට සමාව දී ඔවුන්ගේ සබඳතාවයට තවත් එක අවස්ථාවක් ලබාදීමට තීරණය කරන්නට වුණා.
නමුත් කොලීන් බලාපොරොත්තු වූ ආකාරයේ යහපත් ප්‍රතිචාරයක් ජොනීගෙන් ලැබුණේ නැහැ. සමාව දී මාස තුනක් ගතවනවාත් සමඟම, ජොනී විසින් ඇය සමඟ පැවැති ප්‍රේම සබඳතාවය ඒකපාර්ශ්විකව නවතා දමා, ඇය සමඟ තිබූ සියලුම සන්නිවේදන මාර්ග ද අවහිර කරමින් ඇයව සම්පූර්ණයෙන්ම මඟ හැර තිබෙනවා.
"මම ඔහුගේ ජීවිතය බේරන්න මගේ ශරීරයෙන් කොටසක් දුන්නා, නමුත් ඔහු මට ඉතිරි කළේ දැඩි සිත් රිදවීමක් විතරයි."
කොලීන් පසුව තමන්ට මුහුණ දීමට සිදු වූ මෙම අමිහිරි සහ සංවේදී අත්දැකීම TikTok සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ වීඩියෝ මාලාවක් මඟින් ලෝකය හමුවේ අනාවරණය කළා. මිලියන සංඛ්‍යාත පිරිසක් නැරඹූ මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා දැඩි කතාබහකට ලක්ව ඇති අතර, බොහෝ දෙනා ජොනීගේ මෙම ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමින් කොලීන් වෙත ඔවුන්ගේ සහයෝගය සහ කණගාටුව පළ කරමින් සිටිනවා.