මේ කාලෙට බැතිමතුන්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යන්න එන්න බස් නැතිවෙන එක. හැබැයි මෙදා පාර නම් ඒ ප්‍රශ්නයට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් (SLTB) නියම විසඳුමක් ගෙනැල්ලා තියෙනවා.
වාර්ෂික මංගල්‍යය වෙනුවෙන්ම ලංගමය විසින් කතරගම කේන්ද්‍රගත කරගෙන විශේෂ බස් සේවාවක් මේ වන විටත් ආරම්භ කරලා අවසන්. කොළඹ ඉඳන් වගේම නැගෙනහිර පළාතේ සහ කඳුකර ප්‍රදේශවල ඉඳලත් මේ බස් රථ ධාවනයට යොදවලා තියෙනවා.
විශේෂයෙන්ම නැගෙනහිර සහ කඳුකර ප්‍රදේශවල ඉඳන් මාස ගාණක් තිස්සේ පාද යාත්‍රාවෙන් කතරගමට එන බැතිමතුන්ට ආපසු ගම්බිම් බලා යන්නත්, කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශවලින් එන සාමාන්‍ය බැතිමතුන්ටත් මේකෙන් ලැබෙන්නේ ලොකු සහනයක්.
කලින් වගේ බස් ස්ටෑන්ඩ් එකේ පෝලිම්වල රස්තියාදු වෙන්න දැන් ඕනේ නැහැ. ඔයාට පුළුවන් www.sltb.eseat.lk කියන වෙබ් අඩවියට ගිහින් තමන්ගේ ආසනය කලින්ම වෙන් කරගන්න. ඒ වගේම, අන්තර්ජාලය භාවිතා කරන්න අපහසු අයට පහසුවක් වෙන්න කතරගම බස් නැවතුම්පොළේම ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකකුත් දැන් විවෘත කරලා තියෙනවා.
බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ප්‍රධාන නගර රැසකටම මේ බස් රථ ධාවනය වෙනවා.
නැගෙනහිර ප්‍රදේශවලට: මඩකලපුව, පානම, ත්‍රිකුණාමලය, මුතූර්, වාලච්චේන, පොතුවිල්, අක්කරපත්තුව, වාකරේ සහ කල්මුණේ.
අනෙකුත් ප්‍රධාන නගරවලට: කොළඹ, මහනුවර, හැටන්, බදුල්ල සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ රැසකට.
ඉතින් මෙදා පාර කතරගම මංගල්‍යයට යනවා නම්, යන්න කලින්ම තමන්ගේ සීට් එක වෙන් කරගෙන කිසිම කරදරයක් නැතුව වන්දනාමාන කරගෙන එන්න දැන් ලංගමයෙන් නියම පාරක් කපලා දීලා තියෙනවා