ඇයගේ මධුර හඬට වශී වුණු බොහෝ දෙනෙක් අද මේ පුවත ඇසීමත් එක්ක සංවේගයට වගේම කම්පනයට පත්වුණේ කිසිවෙකුත් නොසිතූ නිමේෂයක ඇයගේ මේ අභාවය සැලවූ නිසයි.
කලක් රෝගාතුරව සිටි ඇය මෙලෙස ජීවන ගමනින් සමුගත්තේ අද උදෑසන කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.
ගායන දිවියේ විවිධ ගීතවලින් මං සලකුණු තබාගත් මරියසෙල් ගුණතිලක නම්වූ මේ කලාකාරිණිය වෙනුවෙන් කලාතරු එක්කළ සංවේදී සටහන් බොහෝමයක් අද දැකගන්න ලැබුණා.
ඇය කලාව තුළ මොන තරම් නිහතමානී කලා ශිල්පිනියක්ද කියන එක මේ කාරණාවලින් නම් ඔබටත් පසක් වේවි.