මියයන විට අය 68 හැවිරිදි වියේ පසුවුණා. ඇය මෙලෙස අභාවප්‍රාප්ත වුණේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මෙරට බටහිර මෙන්ම දේශීය සංගීත ක්ෂේත්‍රය තුළ ද තමන්ටම අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් ඇය, දශක කිහිපයක් පුරා ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ කලාකාරිනියක්.
ඇය ගැයූ "පහන් නොවන රෑක", "කැන්ඩි ලමිස්සී", "සිහින නෙළුම්මල්" වැනි ජනප්‍රිය ගීත රැසක් අදටත් රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රියව පවතිනවා.
ඇයගේ අභාවය ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට මෙන්ම ඇයට ආදරය කළ සමස්ත රසික ප්‍රජාවටම පියවිය නොහැකි විශාල පාඩුවක් වනු නිසැකයි.
ඇයගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර ඉදිරියේදී පවුලේ ඥාතීන් විසින් දැනුම් දීමට නියමිත වන අතර, ප්‍රවීණ කලාකාරිනියට මොක්සුව ලැබේවා..!