මෙතෙක් කල් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වුණු කොළඹ දිස්ත්‍රික්කයත් පරද්දලා, දැන් ලංකාවේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්කය බවට ගම්පහ පත්වෙලා තියෙනවා....
ගෙවුණු එක දිනයක් ඇතුළත විතරක් ලංකාවෙන් අලුතින් ඩෙංගු රෝගීන් 1,030 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මුළු රටේම රෝගීන්ගෙන් 52.07%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පවසන පරිදි, මේ වන විට රට පුරා සිදුවී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් අවසානයි....
වසරේ මේ දක්වා සමස්ත රෝගීන්: 66,064
ජුලි මාසයේ මේ දක්වා පමණක් රෝගීන්: 10,685
ඩෙංගු යක්ෂයා දැන් විශ්වවිද්‍යාල පද්ධතියටත් තදින්ම කඩා වැදිලා. රුහුණ විශ්වවිද්‍යාලයේ විතරක් සිසුන් 50 දෙනෙකුට ඩෙංගු වැළඳී ඇති අතර අද දවසේ විතරක් සිසුන් 6 දෙනෙක් වාර්තා වුණු බව මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමිල් උදයන්ත පවසනවා.
මේ පවතින දරුණු අවදානම නිසාම ලංකාවේ ප්‍රධාන විශ්වවිද්‍යාල 3කට විශේෂ තීරණ ගන්න සිද්ධ වෙලා තියෙනවා..කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු අද සිට ලබන 15 වනදා දක්වා Online (මාර්ගගත) ක්‍රමයට සිදු කෙරේ.
මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා...එසේම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා... තත්ත්වය පාලනය කරන්න අධි අවදානම් කලාපවල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වුණත්, තමන්ගේ නිවස, වටපිටාව පිරිසිදුව තබා ගන්න..