මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මුහුදු රළ මීටර් ගණනකින් ඉහළ ගොස් මුහුදු ප්‍රදේශ "ඉතා රළු" විය හැකි බවටයි කාලගුණ අංශ දැඩි අවධාරණයකින් යුතුව පවසන්නේ!
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයට අනුව,
මුලතිව් සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ,
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉතා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද විටින් විට පැ.කි.මී. 50ක් දක්වා ඉහළ යා හැකියි.
වඩාත්ම අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ මුහුදු රළ උස යාමයි. හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 2.5ක් (අඩි 8කට ආසන්න උසකට) පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව නිවේදනය කර තිබෙනවා.
ඒ වගේම කල්පිටිය සිට කොළඹ හරහා ගාල්ල දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මෙම තත්ත්වය හමුවේ කුඩා ධීවර යාත්‍රා මෙන්ම මුහුදේ නාන්නට හෝ විනෝද වන්නට යන අය දැඩි සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍යයි. ජීවිත ආරක්ෂාව ගැන හිතලා මේ අවදානම් කාලය තුළ රළු මුහුදට යාමෙන් වළකින්න!
