අද (28) දවස ඇතුළත ලංකාවේ ප්‍රදේශ රැසකට වැසි ඇති වෙන්න නියමිතයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ඒ වගේම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවපු තද වැසි ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා ඔය පැතිවල කට්ටිය ගමනක් බිමනක් යනවා නම් කුඩේ, රේන්කෝට් එක අමතක නොකර අරන් යන්න වගබලාගන්න...
ඒ විතරක් නෙවෙයි, ඌව පළාතේ වගේම අම්පාර සහ මඩකළපුව පැත්තේ ඉන්න අයට නම් අද හවස 2.00 න් පස්සේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්...
වැස්ස විතරක් නෙවෙයි, අද හුළඟත් ටිකක් සැර වෙන්නයි යන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට වගේම උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය පැත්තටත් විටින් විට පැයට කිලෝමීටර් 30 ත් 40 ත් අතර තරමක තද සුළං හමන්න පුළුවන් ලු.
ගිගුරුම් සහිත වැසි එක්ක එන අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං නිසා සිද්ධ වෙන්න පුළුවන් අනතුරු අවම කරගන්න හැමෝම පියවර ගන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.