ඒ වෙනිසියුලානු සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන හෙට්ටර් බෙලෝ (Héctor Bello) ගේ ආදරණීය බිරිඳ මෙම දරුණු භූමිකම්පාවට හසුවී අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් ඇති බවයි.
නමුත් මේ මරණය පිටුපස ලෝකයක් හඬවන, උත්තරීතර මාතෘත්වයේ අසිරිමත් කතාවක් සැඟව තිබෙනවා. හෙට්ටර් බෙලෝ විසින් සිය ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුමේ තැබූ සංවේදී සටහනකින් හෙළි කරන්නේ, භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී තමන්ගේ ජීවිතය ගැන නොසිතා, ඔවුන්ගේ අවුරුද්දක් වයසැති සිඟිති දියණියගේ ජීවිතය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිය බිරිඳ තමන්ගේ ජීවිතය පූජා කර ඇති බවයි.
මාරයා තමන් ඉදිරියට පැමිණි මොහොතේදී වුවද, තම ලේ කිරි කර දුන් දරුවා බේරාගැනීමට පලිහක් වෙමින් ඇය කළ මෙම ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය ගැන ලෝකය පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සිය උපහාරය සහ දැඩි ශෝකය පළ කරමින් සිටිනවා.