විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 700කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර, මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් එරට රජය විසින් නිල වශයෙන් දත්ත ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වෙන්නේ.
අද සිදුවූ මේ භූමිකම්පාවේ ප්‍රබලත්වය දැක්වුණේ රික්ටර් පරිමාණයේ 7.2ක් සහ 7.5ක් ලෙසයි. මෙම භූමිකම්පා ද්විත්වයක් මිනිත්තුවකටත් අඩු කාලයක් තුළ වෙනිසියුලාවේ කැරකස් (Caracas) අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අතර, ඉන් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති බව සඳහන් වෙනවා.
පවතින හදිසි තත්ත්වය හමුවේ රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ද අන්තර්වාර ජනාධිපතිනිය පියවර ගෙන ඇති බවත් වාර්තා වුණා. කෙසේ වෙතත්, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් මාධ්‍ය අනතුරු අඟවන්නේ..