ගෝල වැස්සක් මෙන්ම පෙරළිකාර ජයග්‍රහණ රැසක් වාර්තා වූ අද දවසේ තරග සමාලෝචනය මෙසේයි.
A කාණ්ඩය:
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක් (3 - 0)
පළමු අර්ධය පුරා දෙපිලෙන්ම කරට කර සටනක් දියත් වුවත්, කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, දෙවන අර්ධයේදී වඩාත් ආක්‍රමණශීලී වූ මෙක්සිකෝ ක්‍රීඩකයින් තරගයේ පාලනය තමන් සතු කරගත්තා. ඒ අනුව මාටියෝ චාවේස් (Mateo Chávez), අල්වාරෝ ෆිඩල්ගෝ (Álvaro Fidalgo) සහ ජුලියන් ක්වීනෝනස් (Julián Quiñones) මෙක්සිකෝව වෙනුවෙන් ගෝල වාර්තා කරමින් සිය කණ්ඩායමට විශිෂ්ට ජයක් අත්කර දුන්නා.
දකුණු කොරියාව පරදා දකුණු අප්‍රිකාවට තියුණු ජයක් (1 - 0)
ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර පළමු අර්ධය නිමාවූයේ ගෝල රහිතවයි. තරගයේ හැරවුම් ලක්ෂ්‍යය සටහන් කරමින් 63 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ තපෙලෝ මාසෙකෝ (Thapelo Maseko) දකුණු අප්‍රිකාව වෙනුවෙන් අගනා ගෝලයක් වාර්තා කළා. ඉන්පසු සිය ආරක්ෂක වළල්ල ශක්තිමත්ව තබාගත් දකුණු අප්‍රිකානුවන් දකුණු කොරියාවට ගෝලයක් ලබා ගැනීමට කිසිදු ඉඩක් ලබා දුන්නේ නැහැ.
B කාණ්ඩය:
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය (2 - 1)
ස්විට්සලන්තය සහ කැනඩාව අතර පැවැති තරගයෙන් ගෝල 2-1 ක ජයක් ලැබීමට ස්විට්සලන්තය සමත් වුණා. තරගයේ 46 වැනි මිනිත්තුවේදී Rubén Vargas ස්විට්සලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, 57 වැනි මිනිත්තුවේදී Johan Manzambi දෙවැනි ගෝලය ලබා ගත්තා. Promise David විසින් කැනඩාව වෙනුවෙන් එකම ගෝලය 76 වැනි මිනිත්තුවේදී වාර්තා කළා.
කටාර් පරදා බොස්නියාවට පහසු ජයක් (3 - 1)
කටාර් කණ්ඩායම පරදා ගෝල 3-1 ක ජයක් වාර්තා කිරීමට බොස්නියාව සමත් වුණා. බොස්නියාව වෙනුවෙන් Kerim Alajbegović (29') සහ Ermin Mahmić (80') ගෝල වාර්තා කළා. මීට අමතරව 34 වැනි මිනිත්තුවේදී කටාර් ක්‍රීඩක Sultan Al-Brake අතින් ස්වයං ගෝලයක් (Own Goal) ද සටහන් වුණා. Hassan Al-Haydos (42') විසින් කටාර් පිල වෙනුවෙන් එකම ගෝලය ලබාගත්තා.
C කාණ්ඩය:
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක් (3 - 0)
ස්කොට්ලන්තයට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොතබමින් ගෝල 3-0 ක දැවැන්ත ජයක් ලැබීමට බ්‍රසීලය සමත් වුණා. බ්‍රසීලයේ සුපිරි ක්‍රීඩක Vinícius Júnior තරගයේ 7 වැනි සහ 45+3 වැනි මිනිත්තු වලදී ගෝල 2ක්ම වාර්තා කරමින් කැපී පෙනුනා. කණ්ඩායමේ 3 වැනි ගෝලය 60 වැනි මිනිත්තුවේදී Matheus Cunha විසින් ලබා ගත්තා.
හයිටිය පරදා මොරොක්කෝවට ජය (4 - 2)
වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා වූ මෙම තරගයෙන් හයිටිය පරදා ගෝල 4-2 ක ජයක් මොරොක්කෝව සතු කරගත්තා. මොරොක්කෝව වෙනුවෙන් Achraf Hakimi (39'), Ismael Saibari (45+1'), Soufiane Rahimi (78') සහ Gessime Yassine (89') ගෝල වාර්තා කළා. හයිටිය වෙනුවෙන් Wilson Isidor (43') ගෝලයක් වාර්තා කළ අතර අනෙක් ගෝලය මොරොක්කෝ ගෝල් රකින්නා (Yassine Bounou 10') අතින් සිදුවූ ස්වයං ගෝලයක් (Own Goal) ලෙස සටහන් වුණා.