මේ හේතුවෙන් ඉන්දීය යොවුන් සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවරයන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි ක්‍රිකට් ලොවෙන් උණුසුම් තොරතුරු වාර්තා වනවා.
පසුගිය සඳුදා (ජූනි 15) දඹුල්ලේදී පැවැති මෙම තියුණු තුන්කොන් තරඟයේදී, සුපිරි පන්දුවාරයේදී (Super Over) ඉන්දියාව පරදා සුවිශේෂී ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වුණා.
ලංකාවේ කොල්ලන්ගේ ජයග්‍රහණය දරාගත නොහැකි වූ ඉන්දීය පිතිකරුවන් වන වෛභව් සූර්යවංශි සහ සූර්යන්ෂ් ෂෙඩ්ජේ නැවත ක්‍රීඩාගාරය වෙත යමින් සිටියදී ලංකාවේ ක්‍රීඩකයින් සමඟ මුහුණට මුහුණ ලා දැඩි බහින්බස්වීමක නිරත වී තිබෙනවා.
පසුව එය වචනවලින් නතර නොවී, එකිනෙකා අතින් තල්ලු කරගන්නා මට්ටම දක්වාම දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ලෝක ප්‍රකට Sport star වෙබ් අඩවියට අනුව, තරග තීරක ප්‍රදීප් ජයප්‍රකාශ විසින් මෙම වලිඩ කාරයින්ට දැඩි දඩ මුදල් ප්‍රමාණයක් නිර්දේශ කර තිබෙනවා,
වෛභව් සූර්යවංශි (ඉන්දියාව)- තරඟ ගාස්තුවෙන් සියයට 50ක (50%) දැවැන්ත දඩයක්!
විෂේන් හැලඹගේ (ශ්‍රී ලංකාව)- තරඟ ගාස්තුවෙන් සියයට 50ක (50%) දඩයක්!
තිලක් වර්මා (ඉන්දීය නායක)- වලිය පාලනය නොකිරීම හෝ මැදිහත් වීම නිසා සියයට 30ක (30%) දඩයක්!
නිරෝෂන් දික්වැල්ල (ශ්‍රී ලංකාව)- සුපුරුදු පරිදි වචන හුවමාරුවට මැදි වීම නිසා සියයට 20ක (20%) දඩයක්!
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර තරඟවලදී ICC එක කෙලින්ම දඬුවම් දුන්නත්, ‘ඒ’ කණ්ඩායම් තරග වලදී තරග තීරකවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ අදාළ රටවල ක්‍රිකට් පාලක මණ්ඩල විසිනුයි. ඒ අනුව වෛභව් ඇතුළු ඉන්දීය ක්‍රීඩකයින්ට දෙන දඬුවම ගැන අවසන් තීරණය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් ඉදිරියේදී ගැනීමට නියමිතයි.