ඇය මේ තැනට ගේන්න කොච්චර අමාරුවෙන්ද අම්මලා තාත්තලා මහන්සි වෙන්න අති ද..? එහෙම ගෙනල්ලත් පාඩුවේ නිදහසේ රැකියාව කරන්න දෙන්නේ නැති අයත් මේ සමාජයේ ඕනෑ තරම්. ඇය අද මේ විදිහට ජීවිතයෙන් වන්දි ගෙවනවා ඇත්තේ අන්න ඒ වගේ කෙනෙක් නිසා වෙන්න ඇති.
ඇය රෝගී හිත් දහසක් සුවපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටි තරුණියක් වුණත් ඇයගේ ජීවිතයට ගෙවා දමන්නට වුණු අඳුරු කාලයකදී ඇය ජීවිතයෙන් පරදිනවා.
කින්නියා රෝහලේ සේවයේ නියුතු නිමේෂා මධුභාෂිණී හදිසියේම වෙන්වී යන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිද්දෙන්. ඇයට මේ වගේ දරුණු ඉරණමක් අත්වුණේ කාගේ වරදින්ද..? කොහොම වුණත් සමාජ මාධ්‍යවල ඇයගේ මරණය ගැන කතා වෙන්නේ බොහොම සංවේගයෙන්.
මේ ජීවිතය උදුරාගන්න හේතුව කවුරුන් වුණත් අවසානයේ දැන් ඇය මේ ලෝකයෙන් සමුගෙන හමාරයි. යළි උපදින කිසිදු භවයකදී ඇයට මෙවැනි අකල් මරණයක් අත් නොවේවා.