අද පෙරවරුවේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි ගිනි නිවන සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ.
ගින්න හටගන්නා අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරාගැනීමට ගිනි නිවන භටයින් සමත්වී තිබෙනවා.
මේ අතර, තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර,ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදුවෙන්නට ඇතැයි බොහෝ දෙනා සැල පළ කරනවා. කෙසේවෙතත්, තලවතුගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.