1970 දශකයේ තමන්ගේ රංගන හැකියාවෙන් මුළු ලෝකයක්ම හිනස්සපු, ඒ වගේම අපූරු පරිසරවේදියෙක් විදිහටත් කවුරුත් ආදරේ කරපු ලෝකප්‍රකට 'The Goodies' තරුවක් වන බිල් ඔඩී (Bill Oddie) අභාවප්‍රාප්ත වෙලා තියෙනවා.
සමුගන්නා විට මේ ප්‍රවීණ කලාකරුවාගේ වයස අවුරුදු 85ක්.
The Goodies හාස්‍ය නාට්‍ය කණ්ඩායම හරහා තමයි බිල් මුලින්ම මුළු ලෝකයේම ආදරය දිනාගන්නේ. එදා තමන්ගේ විකට රංගනයෙන් මිනිස්සුන්ව හිනස්සපු ඔහු, පස්සේ කාලෙක පරිසරවේදියෙක් සහ පක්ෂි නිරීක්ෂණය පිළිබඳ ප්‍රවීණයෙකු විදිහටත් ලොකු පෙරළියක් කළා.
විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය Springwatch සහ Autumnwatch වගේ ජාත්‍යන්තර මට්ටමේ වනජීවී වැඩසටහන් ගණනාවක්ම මෙහෙයවමින් ඔහු බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත්තා. නිකම්ම නිකන් නළුවෙක්ට වඩා සොබාදහමට ආදරය කරපු අපූරු පරිසරවේදියෙක් විදිහටයි බිල් ඔඩීව ගොඩක් අය හැඳින්වූයේ.
විනෝදයෙන්, හිනාවෙන් පිරුණු කලාකරුවෙක් වගේම පරිසරයට ආදරය කරපු උතුම් මිනිහෙක් විදිහට බිල් ඔඩීගේ නම ලෝක කලා ඉතිහාසයේ සදහටම ලියවෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රවීණ කලාකරුවාගේ සමුගැනීම ගැන කලා ලෝකයේ ගොඩක් අය තමන්ගේ කණගාටුව ප්‍රකාශ කරලා තිබුණා.
අපේ මතකයන් ලස්සන කරපු මේ අපූරු කලාකරුවාට අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු!