මීටර් 100 තරගයට පෙර පැවැත්වුණු විශේෂ මාධ්‍ය හමුවට ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි පැමිණියේ තද කළු පැහැති අව් කණ්ණාඩියක් (Sunglasses) පැළඳගෙනයි.
මාධ්‍යවේදීන් හමුවේ කතා කරමින් සිටි ඔහු, හදිසියේම තම අව් කණ්ණාඩිය ගලවන්නට වුණා..
එවිට එහි සිටි ඡායාරූප ශිල්පීන් සහ මාධ්‍යවේදීන් දැක්කේ අදහගන්නත් බැරි දසුනකි. ක්‍රිස්ටි පැළඳ සිටියේ තද නිල් පැහැති Contact Lenses යුවළක්. පුදුමයකට මෙන්, එම කාච දෙක මැද Puma සමාගමේ පනින කොටියාගේ ලාංඡනය (Puma Logo) ඉතා පැහැදිලිව සටහන් වී තිබුණා.
පසු කාලීනව ඔලිම්පික් කමිටුව විසින් තරගය අතරතුර මෙවැනි ලාංඡන සහිත කාච පැළඳීම තහනම් කළද, ඒ වන විටත් සිදුවිය යුතු සියල්ල සිදුවී හමාරයි.
ඔලිම්පික් සංවිධායකයන්ට පයිසා 2 ක මුදලක්වත් නොගෙවා, පුවරු හෝ රූපවාහිනී දැන්වීම් භාවිත නොකර, සිය ඇස් දෙකම ලෝකයේ අවධානය දිනාගත් විශාලතම වෙළඳ දැන්වීම බවට පත් කිරීමට ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි සමත් වුණා.
ක්‍රීඩා ඉතිහාසයේ ලියැවුණු වඩාත්ම නිර්මාණශීලී සහ නිර්භීතම Ambush Marketing (නොනිල ප්‍රචාරණ) උපක්‍රමයක් ලෙස මෙය අදටත් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ උදාහරණයක් ලෙස සාකච්ඡා කෙරේ.