කළුතර , මොරොන්තුඩුව , කලපුගම ශ්‍රී සුමංගලාරාම පුරාණ මහා විහාරස්ථාන 37 වන වරටත් සංවිධානය කරනු ලබන මිහිඳු පෙරහර අද සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතයි.
එම පෙරහර රාත්‍රී 7.00 ට යෙදෙන සුභ මොහොතින් සධාතුක කරඬුවහන්සේ, හස්ථිරාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුව ආරම්භ කෙරෙනු ඇතියි.
අදට වසර 174 කට පෙර කලපුගම ශ්‍රී සුමංගලාරාම පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිවරුන්ගේ මග පෙන්වීමෙන් සහ ශ්‍රී සෝභිත දහම් පාසලේ ගුරු - සිසු කැළගේ එකමුතුවෙන් ආරම්භ වූ මේ මහා පෙරහර මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පවැත්වීමට සංවිධායකයින් විසින් මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.
සාර්ථක ලෙස 2026 වසරේදීත්, පැවැත්වෙන මෙම පෙරහර නැරඹීමට සංවිධායක කමිටුව විසින්, සියලුම කලපුගම ගම්වාසීන්ට ඇතුළු ජනතාවට ආරාධනා කරන්නේ ඉමහත් බැති සිතින්..