මෙලෙස අතුරුදහන්ව ඇත්තේ උඩෝවිට ප්‍රදේශයේම පදිංචිව සිටි පාසල් සිසුවෙක්.
ඊයේ (22) පස්වරුවේ පාසල නිම වී නිවසට පැමිණි මෙම සිසුවා, සිය සහෝදරයා සහ තවත් යහළුවෙකු සමඟින් උඩෝවිට ප්‍රදේශයට ආසන්න මහවැලි ගඟට දිය නෑමට ගොස් ඇත්තේ කිසිදු කරදරයක් වේ යැයි නොසිතමිනුයි.
කෙසේ වෙතත්, මොවුන් දිය නෑමට බැස ඇති ස්ථානයේ වැලි ගොඩදැමීම නිසා අඩි ගණනාවක දැඩි ගැඹුරක් නිර්මාණය වී තිබූ අතර, එම අවස්ථාවේ ගඟේ දිය පහරද ඉතා සැරට තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අතුරුදහන් වූ සිසුවා සෙවීම සඳහා ඊයේ රාත්‍රිය වන තෙක්ම ප්‍රදේශවාසීන් සෙවුම් මෙහෙයුම් දියත් කළද, ඔහුව සොයාගැනීමට හැකි වී නැහැ.
අද දිනයේදී නාවික හමුදා කිමිදුම්කරුවන් කැඳවා ගඟේ පුළුල් සෙවුම් මෙහෙයුමක් දියත් කිරීමට කටයුතු යොදා ඇති බවයි ගම්පොළ පොලිස්ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.