ඒ තමයි පොඩි දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා හැමෝගෙම කෑම පිඟානට නැතුවම බැරි 'බිත්තරයේ' මිල හෙට (20) ඉඳන් නැවතත් ඉහළ යනවා කියන ආරංචිය!
සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තමයි මේ හදිසි තීරණය ගැන අද රටටම අනාවරණය කළේ.
ඔවුන් පවසන විදියට හෙට ඉඳන් වෙළඳපොලේ බිත්තර මිල ගණන් වෙනස් වෙන්නේ මෙන්න මේ විදියටයි,
සුදු බිත්තරයක්: රුපියල් 41 දක්වා ඉහළට
රතු බිත්තරයක්: රුපියල් 42 දක්වා ඉහළට
අද කුලියාපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා තමයි මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.
මෙම හදිසි මිල වැඩිවීමත් එක්ක ඉදිරියේදී බේකරි කෑම, කේක්, කොත්තු වගේ කෑම ජාතිවලත් මිල ගණන්වල වෙනසක් වේවිද කියලා බොහෝ දෙනෙක් මේ වෙද්දිත් කතාබහ කරන්න පටන් අරන්. කොහොම වුණත් හෙට ඉඳන් කඩේට ගිහින් බිත්තරයක් ගනිද්දී සාක්කුවට නම් පොඩි පහරක් වදින එක ස්ථිරයි!